IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සේද රෙදියි පට කම්බයි ගෙනැල්ලා

නාවුල යොවුන් සේනාංකය අසල දී සරොම්, කමිස සහ සාරි බෙදා දීමේ වැඩසටහනක ඇති වූ තෙරපීමකින් තුවාල ලැබූ වැඩිහිටියන් හය දෙනකු රොහල් ගත කළ බව මාතලේ දිස්ත්‍රික් වැඩිහිටි සංවිධානයේ නිලධාරියෙක් පැවසීය.

නියෝජ්‍ය ඇමැතිවරයකු විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන නාවුල පිට්ටනියේ දී පැවැත්වීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරණ සමයේ මෙවැනි බෙදාදීම් සිදු කළ නොහැකි බව කියමින් මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා එය වැළැක්වීය.

ඉන් පසු ඇඳුම් කට්ටල විසි දහසක් බෙදා දීමේ එම වැඩසටහන නාවුල පිට්ටනියේ නොතියා යොවුන් සේනාංකය අසල පැවැත්විණි.

කැෆේ සංවිධානයේ මෙහෙයවීමෙන් පැමිණ සිටින ජාත්‍යන්තර මැතිවරණ නීරීක්ෂණ කණ්ඩායමක් ද මෙම වැඩසටහන ගැන විමර්ශනයක් කර ඇත.



අදහස් (0)

සේද රෙදියි පට කම්බයි ගෙනැල්ලා

අශාන් Sunday, 04 January 2015 05:38 AM

අලුත් ඇදුම් ඇදගෙන ගිහින් මෛත්‍රී ට ඡන්දය දෙන්න. එතකොට කවුරුත් ඇදුම් දෙනකල් බලන් ඉන්න ඕන නැහැ අනාගතයේදී. (නදී)

:       0       0

රොහාන් Sunday, 04 January 2015 05:53 AM

ලැජ්ජයි, අහෝ ලැජ්ජයි (නදී)

:       0       0

සහන් Sunday, 04 January 2015 05:54 AM

පිනට බෙදන, පිනට ගන්න සමෘද්ධි කාරයෝ ටික තමයි මේ රට කන්නේ. මහන්සිවෙලා වැඩකරන මිනිස්සුන්ගේ, ව්‍යාපාර කරන මිනිස්සුන්ගේ බදුවලින් මේ දෙගොල්ල ජීවත් වෙන්නේ. රටට කරන දෙයකුත් නැහැ (නදී)

:       0       0

ඇන්ටන් Sunday, 04 January 2015 07:23 AM

බල්ලන්ට මස් කට්ටක් දෙනවා වගේ ඡන්දෙ ගන්න මිනිසුන්වත් ඒ තත්ත්වෙට දාලා. කොයිතරම් අසීලාචාරද ? (බ)

:       0       0

සමන්ති Sunday, 04 January 2015 02:01 PM

හාදවෙලා යමන් පනේ සිරි සැප දෙන්නයි - පට කම්බා අදින්න දෙන්නයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site