IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෞදි රජුට හොඳට උණ

සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්‍ර වේදනා සෙසු රෝග ලක්ෂණ බවත්ය.

88 හැවිරිදි සල්මාන් රජු වෛද්‍ය පරීක්ෂණ කීපයකට යොමු කෙරුණි. ඒ, රජු ඇතුළත් කෙරුණු 'කිංග් ෆයිසාල් රෝහලේ' දීය. වෛද්‍යවරුන් පවසන්නේ රසායනගාර පරීක්ෂණ වාර්තා ලැබුණු සැණින් අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බවය.

සල්මාන් රජු සෞදියේ කිරුළ දරන්නේ 2015 වසරේ සිටය. ඔටුන්න හිමි කුමරු වන්නේ සල්මාන් රජුගේ පුතු 38 හැවිරිදි මොහොමද් බින් සල්මාන් කුමරුය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (6)

සෞදි රජුට හොඳට උණ

m. saman perera Sunday, 19 May 2024 08:19 PM

සෞදි රජතුමාට ඉක්මන් සුවය පතමි.

:       0       3

Prabha Monday, 20 May 2024 03:03 AM

රජාගේ හන්දිපත් රුදාවත් අපිට නිව්ස් උනානේ

:       2       2

ජයනාත් Monday, 20 May 2024 05:49 AM

උන්ට උණ හැදුණත් ඒක නිවුස් එකක් .

:       2       3

සුරනිමල Monday, 20 May 2024 05:56 AM

අපටනම් අනවශ්‍ය පුවතකි.

:       2       2

Bunny Preena Monday, 20 May 2024 12:11 PM

ඒගොල්ලන්ට හැදෙන්නේ රාජකීය උන

:       0       2

ගමේ එකාලා Monday, 20 May 2024 12:38 PM

එයාට උණ ගැනුණාට අපිට මොකෝ... බලලෝභී, දූෂිත නායකයෝ කරපු විනාසේ හින්දා ජනතාවට උණ ගැනිලා තියෙන්නේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 15 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site