සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ලබා දී ඇති පොදු සමා කාලය අවසන් වීමට දින තුනක කාලයක් තිබියදී පැවැත්වෙන අවසන් තානාපති ජංගම සේවාවට නොවැම්බර් මස පළමුවැනි සිකුරාදා උදෑසන 8 සිට පස්වරු 2 දක්වා දමාම් කොබාර් අධිවේගී මාර්ගය ආශිතව ඇස්ටුන් රෝහල ඉදිරිපිට යෝජිත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ශ්‍රී ලංකා තානාපති උපදේශක අනුර මුතුමාල මහතා පැවසීය.
පොදු සමා කාලය දීර්ඝ කිරීමක් සිදු නොවන බැවින් නොවැම්බර් මස 3 වැනි දිනට පෙර සියළුම නිතී විරෝධී විදේශිකයන් තම තම ලිය කියවිලි නීත්‍යානුකූල කර ගැනිම හෝ රටෙන් පිටවිය යුතු බව සෞදි රජය විසින් සෞදියේ පිහිටි සියළු විදේශිය තානාපති කාර්යාල වෙත දන්වා ඇති බවද ඒ මහතා පැවසීය.
කෙසේ වුවද කුමන හෝ ආකාරයක දුෂ්කරතාවයන් පිළිබඳව සොයා බලා නීතීමය කටයුතු කිරීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තව දුරටත් ක්‍රියා කරන අතර නොවැම්බර් පළමු වැනි දින පැවැත්වෙන නැගෙනහිර කළාප ජංගම සේවා සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අංශ භාර නිලධාරීන් සැළැකිය යුතු පිරිසක් පැමිණිමට නියමිත බවද අනුර මුතුමාල මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි නැගෙනහිර කලාප ජංගමේ නොවැම්ර් 01