IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෞදි ජංගමේ ලබන සිකුරාදා

සෞදි අරාබියේ  නැගෙනහිර කළාපයේ  තානාපති ජංගම සේවාව සැප්තැම්බර්  හය වැනි සිකුරාදා  පැවැත්වීමට තිරණය කැර ඇතැයි රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති  කාර්යාලය පවසයි.

සෙනසුරාදා දිනයන්හි  තානාපති ජංගම සේවා  පැවැත්වීමට කලින් තිරණය කළද  බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අදහස්  මත ඇතිවන අපහසුතාව මඟහැරවීම පිණිස  නැවතත් සිකුරාදා  දිනයේදී  නැගෙනහිර කළාපීය  ජංගම සේවය පැවැත්වීමට තිරණ කළ බවද  තානාපති කාර්යාලයයේ බලධරයෝ පවසති.

සැප්තැම්බර් 6 වැනි දින සිකුරාදා  උදෑසන 8 සිට පස්වරු 2.30 දක්වා  අල් කොබාර් දමාම්  අධිවේගී මාර්ගයේ ඇස්ටුන් රෝහල අසල යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ.

 පොදු සමා කාලය පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රී ලංකා තනාපති  කාර්යාලයයේ  අමාත්‍ය උපදේශක  අනුර මුතුමාල මහතා  පැවසුයේ  නොවැම්බර් මස තුන් වැනිදා  පොදු සමා කාලය අවසන් වන බැවින් තව දුරටත් නීතී විරෝධිව නැගෙනහිර කළාපයේ හෝ සෞදි අරාබියේ  රැදී සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්  නොවැම්බර් මස 3 වැනි දිනට අවම වශයෙන්  මාසයකට පෙර  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට  හෝ කොන්සියුලර්  කාර්යාල ඇතුළු  ජංගම සේවාවන්  වෙත පැමිණී  ලියා පදිංචි වී නීත්‍යානුකූලව  මව් රටට යාමට  අවස්ථාව උදා කර ගන්නා ලෙසයි.

නොවැම්බර් 03 වැනි දිනට පසු නීතී විරෝධිව සෞදි අරාබියේ  රැදී සිටින අනවසරිකයින් සඳහා සෞදි රජය විසින්  නීතිය තදින් ක්‍රියාත්මක  කරන අතර එමගින් ඇති වන දුෂ්කරතාවන්  පිළිබඳව කටයුතු කිරීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතුව නීතිමය ප්‍රතිපාදන නොමැති බවද දන්වා සිටී.

 විවිධ  ප්‍රශ්න හා දුෂ්කරතාවනට පත්ව ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයයේ රැකවරණ පතා පැමිණෙන ශ්‍රී ලාංකිකයින්  පිළිබඳව තව දුරටත්  සොයා බලා නීතීමය පියවර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුබට නොවන බවද ඔහු පවසයි.

වැඩිදුරටත් කරුණු  දැක්වු  අනුර මුතුමාල මහතා  පැවසුයේ  පොදු සමා කාලයට  සමගාමීව ජංගම සේවාව වෙත පැමිණෙන අවතැන් වු ශ්‍රී ලාංකිකයින් ගමන් බලපත්‍ර ප්‍රමාණයේ  ඡායා රූප දෙකක් සමඟ ගමන් බලපත්‍රයේ  පිටපතක් සමඟ ගුවන් බලපත්‍රයේ පිටපතක් හා වීසා පිටුවේ පිටපතක් රැගෙන එන ලෙස දන්වා සිටී.  



අදහස් (0)

සෞදි ජංගමේ ලබන සිකුරාදා

ජයා Tuesday, 27 August 2013 04:02 PM

සෞදී තානාපති කාර්යාලයේ නිලදරින්ගෙන් වෙන මෙම සේවය හරිම ඉහලයි. මම දන්නා එක් මහතෙක් කිසිම ආතතියක් නැතිව දවසේ පැය 24 ම දවස් 7 ම ප්‍රශ්නයට මුල් වූ ඇය සමග සමබන්දව ඔවුන්ට අවශ්‍ය උපදෙස් දෙනවා. මම හිතනවා අනෙක් අයත් එහෙමම වගකීමෙන් වැඩ ඇති කියලා හිතනවා. ඔබට අපේ ප්‍රණාමය. කොහොම උනත් මෙවන් නිලදරින්ට කුඩම්මාගේ සැලකිලි සහ සමහර බටහිර තානාපති කාර්යාල වලට රජ සැප. (දී)

:       0       0

අර්ෂා Tuesday, 27 August 2013 12:29 PM

තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපෙන් මල් මිටක්! (නි)

:       0       0

සිතුන Tuesday, 27 August 2013 12:22 AM

අපේ තානාපති කාර්යාලය ලොකු වැඩ කොටසක් කරනවා පැය 24 රාජකාරි කරනවා.

:       0       0

පිටිගල Monday, 26 August 2013 07:32 PM

අපේ තානාපති කාර්යාලයේ විශිෂ්ට වැඩක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site