IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සෞදි ගෘහ සේවක ගැටළු ළිහන්න අමාරුයි

සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් ලෙස සේවයට යන කතුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වනවිටත් අතරමංව තානාපති කාර්යාල රැකවරණ සොයා එනබව දැනගන්නට ඇත .2013 වසරේ සෞදි රජයෙන් දුන් පොදු සමා කාලයට සමගාමීව විසිදෙදහසකට නොඅඩු පිරිසක් ශ්‍රී ලංකාවට එවීම හෝ නීත්‍යනුකුල හාම්පුතෙකු යටතට පත් වුවද මේ වනවිටත් විවිධ නිවෙස් වල හෝ නීත්‍යනු කුල නොවන ආකාරයට රැකියාවල නියුතු කාන්තාවන් පිලිබදව තොරතුරු ලැබෙයි.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කොපමණ දැනුවත් කළද කොපමණ අවවාද කළද නිවෙස් වලින් පැනයාම දිගටම සිදුවෙන බව තානාපති නිලධරයෝ කියති.

ගිය ජුනීයේ සහ ජුලියේ නැගෙනහිර කලාපීය ජංගම සේවාව වෙතද කාන්තාවන් සැලකියයුතු පිරිසක් රැකවරණ පතා පැමිණ සිටි අතර විවිධ අඩම්තේට්ටම් සහ හිරිහැර වලට ගොදුරු වූ කාන්තාවන් කිහිපදෙනෙක්ම සිටියහ.ඒ අතර තලතුනා වයසේ කාන්තාවක් මා සමග පැවසුවේ මාස 7 ක් පුරාවට කිසිදු වැටුපක් ලබා නුදුන් බවයි.

වැටුප් ඉල්ලු විට දත් දෙකක් කැඩෙනතුරු පහර දුන් බවත් ඈ කීවාය.තවත් කාන්තාවක් ජංගම සේවාවේදී කදුළු සලමින් පැවසුවේ තානාපති නිලධාරීන් පොලිසියක් වෙත ගෙනගොස් බැස්සුවද තමන් පොලිස් නිලධාරීන් විසින්  එලවා ගත්බවයි,මේ කාන්තාවන්  පිළිබද තොරතුරු මේ වනවිට තානාපති කාර්යාලය සතුව ඇති අතර මීටත් වඩා කෘර ලෙස හිංසනයට ලක්වූ කාන්තාවන් පිළිබදව තොරතුරු තානාපති කාර්යාලයේ කම්කරු අංශය වෙත ඇති නමුත් නිලධාරීන්ටද කළහැකි වන්නේ සීමිත වැඩකොටසක් බව සැළයි.ඒ අතරම සමහර කාන්තාවන් ලංකාවේ ඇතැම් විදේශ රැකියා ආයතන වලින් ලොකු මුදලක් ලබාගෙන සෞදි අරාබියට පැමිණ මසක් ගතවෙන්නටත් ප්‍රථම කුමන හෝ ගැටළුවක් මැදිකරගෙන තානාපති කාර්යාලයට එතියි කියති.

lali1 lali2 lali3



අදහස් (0)

සෞදි ගෘහ සේවක ගැටළු ළිහන්න අමාරුයි

අමිල සිංග Tuesday, 05 August 2014 10:04 AM

ලංකාදීපයේ මෙවැනි පුවත් ගොඩක් නිතර අසන්න ලැබෙනවා.. ගොඩක් අය ලංකාවේ ගැහැණු ඔය රටවලට යවන්න එපා කියල අදහස් දක්වනවා.. එත් ඔය රටවලට යන මිනිස්සුන්ට මේ තීරුවේ අදහස් කියවන්න තරම් වත්කමක් දැනුමක් නෑ. ඒ නිසා ඔබගේ දුප්පත් නුගත් අසල්වැසියන්, නෑදෑයන් හැකි පමණින් දැනුවත් කරන්න. (දී)

:       0       0

වරුණ Tuesday, 05 August 2014 04:03 PM

පිටරට සේවයට කාන්තාවන් යන එක නවත්තන්න (දී)

:       0       0

අසේල Tuesday, 05 August 2014 04:03 PM

නැහැ ලිහන්න ලේසියි (දී)

:       0       0

මාටින් Tuesday, 05 August 2014 10:25 AM

ආ එතකොට ඔය පවුල් වලට චමින්ද යි, රිස් යි, අමිල සිංහ යි කන්ඩ දෙනවද? (දී)

:       0       0

තාරුක Tuesday, 05 August 2014 10:38 AM

අමාරු ප්‍රශ්න කියලා දෙයක් නැහැ විසදන්න පුළුවන් හැම දෙයක්ම (දී)

:       0       0

සුනිල් විමලසුරිය Tuesday, 05 August 2014 10:44 AM

ලංකාවේ ඉන්න ගොඩාක් කම්මැලි පිරිමි නිසා තමයි. ගැහැණු දුක් විදින්නේ පුදුම කම්මැලි පිරිමි ජාතියක් (දී)

:       0       0

සමන් Tuesday, 05 August 2014 05:50 PM

පිටරටඉන්නා කාන්තාවන්ගේ මිනිස්සු සියයට අනුවක්ක්ම බේබද්දෝ රටින් බේබදුකම තුරන් කරනතුරු ඔය ප්‍රශ්නයට විසදුමක් නැහැ (දී)

:       0       0

රිකාස් Tuesday, 05 August 2014 10:56 AM

මේක සමාජ වගකීමක්. පවුල් කීදාහක් මේ වෙනකොට විනාශ වෙලා තිබෙනවද? දරුවන් කීදාහක් අසරණ වෙලා තිබෙනවද? (නි)

:       0       0

රාජිත Wednesday, 06 August 2014 07:46 AM

කාන්තාවන් කිසිම කෙනෙක් පිටරට සේවයේ නොයෙලෙන්නේ නම් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් (දී)

:       0       0

පහන් Wednesday, 06 August 2014 02:35 PM

ඉතා සංකීර්ණ කරුණක් (දී)

:       0       0

හසන් Wednesday, 06 August 2014 02:40 PM

තව එකක් කිව යුතුයි, මැද පෙරදිග අපේ තානාපති කාර්යාලවලට පත්වීම් දෙද්දී දේශපාලන හෙන්චයියන් නොයවා භාෂා දැනුම ඇති, සේවයට කැපවෙන අය යැවීම් වැදගත්. (අ)

:       0       0

වසන්ති Tuesday, 05 August 2014 07:43 AM

සෞදියට කාන්තාවන් යවන එක නවත්වමු. (නි)

:       0       0

රංග Tuesday, 05 August 2014 08:06 AM

ඇත්තටම මෙහෙ රැකියා සදහා එන කාන්තාවන්ට ගොඩක් කරදර සිදුවෙනවා (නි)

:       0       0

චමින්ද Tuesday, 05 August 2014 12:09 PM

මේ රටට ගැහැණුන් එවීම වහා අත්හිටවිය යුතුයි. (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 05 August 2014 08:45 AM

කාන්තාවන් ලංකාවෙන් යැවීම නවත්වනතුරු මීට විසඳුමක් නොමැත. (නි)

:       0       0

ටිරෝන් Tuesday, 05 August 2014 08:47 AM

ඕක නිසයි කොච්චර දුප්පත් වුණත් නේපාලය, බංගලාදේශය වැනි රටවල් සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් ලෙස සේවයට නොයවන්නේ. (නි)

:       0       0

සිල්වා Tuesday, 05 August 2014 01:44 PM

සෞදියට කාන්තාවන් යවන එක මැද පෙරදිගට කාන්තාවන් වහල් බාවයට යවන එක වහා අත්හිටවිය යුතුයි. මේක රටේ අනාගතයට බලපානවා. (නදී)

:       0       0

චමින්ද - සෞදි අරාබි Tuesday, 05 August 2014 09:10 AM

මේ සියල්ලම ඇත්ත. තානාපති කාර්යාලයට එන අය තවත් අසරණ කරනවා. සමහර නිලධාරීන් සේවය කරන්නේ අපේ රටටද කියලත් සැකයි. විශේෂයෙන් මේ රටට කාන්තාවන් එවීම නතර කරන්න පුලුවන්නම් හොදයි. (දී)

:       0       0

රික්ස් Tuesday, 05 August 2014 09:50 AM

වහාම ඔය රටවලට ගෘහ සේවිකාවන් යැවීම නතර කරන්න. රජයට ආදායම් ලබන්න ඕනෙනම් වෙන ක්‍රමයක් හොයාගන්න එක හොඳයි . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site