IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සෞදි ගිය ලාංකිකයෝ 6 ක් අතුරුදන්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හය දෙනකු සවුදි අරාබියේ දී අතුරුදන් වී ඇතැයි කියමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක්  විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ. අතුරුදන් වූවන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ලේකම් නලීන් රාජපක්ෂ මහතා පැවසීය.

අක්කරේපත්තුවේ එම්. එච්. රෆ්නාස් , රත්නපුර ඒ. එස්. එම්. සුජාන්, ගිරිඋල්ලේ පී. ජී. කමනි, ඇතිමලේ කේ. පී. කේ. චන්ද්‍රාවතී, කල්ලඩිහි එන්.  රීටා සහ ගලෙන්බිඳුනුවැව පී. ටී. මොහොමට් රියාස් එසේ අතුරුදන් වී ඇතැයි ද, ඔවුන් සවුදි අරාබියට ගොස් ඇත්තේ 2004 සහ 2014 අය දස වසර තුළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අතුරුදන්වූ මෙම පිරිස ගැන යම් තොරතුරක් ඇත්නම් 011 4379328 අංකයට දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය සෞදි අරාබියේ සිටින ශ්‍රමිකයන් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

- ඩේලිමිරර් ඇසුරෙනි



අදහස් (1)

සෞදි ගිය ලාංකිකයෝ 6 ක් අතුරුදන්

shan saudi Saturday, 25 March 2017 03:46 PM

මේ අය ජීවත් උයේ සෞදි අරාබියේ කුමන නගරයේද හා ඔවුන් අවසන් වරට කලේ කුමන ප්‍රදේශයේ සිටද පැහැදිලිව කිව යුතුය එවිට මේ අය ගැන දන්නා අයට සහය දක්වයි මම මීට මස 2 පෙර ශ්‍රී ලංකා කොන්සෝල් කාර්යාලයට ගිය විට ඒ ඉදිරිපිට ඇති පල්ලියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 16 දෙනෙක් සිටි මා හට හමු වුන අතර ඔවුන්ගේ පාස්පෝට් ඔවුන් වැඩකළ කපිල් ( සෞදි බාරකාරයා ) ලග තිබෙන නමුත් ඒවා ලබා දීමට රියල් 5000 එක අයෙකුගෙන් ඉල්ලන බවත් ඔවුන් කීව දැන් මස ගණනක සිට රැකියාවක් නොමැතිව වැඩකළ කාලයට වැටුපද නොමැතිව අසරණව ජීවත් වන බව මට කියා සිටිය. දැනට ඔවුන්ට රාත්‍රී ආහාර සදහා පමණක් කොන්සෝල් කාර්යාලයෙන් මුදල් දෙන මුත් අනෙක් වේල් ආහාර නැතිව සිටින බව කීවා අවුවට වැස්සට දෙකට ඔවුන්ට මුවා වීමට කිසිම සෙවනක් නැති බව මා හොදින් දුටුවා මේ අය මුස්ලිම් දෙමල හා සිංහල අය වෙනවා ඔවුන් ගෙන් වැඩගත් කිසිම ආයතනක් ඔවුන්ට වැටුප් ගෙවා නැති බව කීව ඔය කියන අය මේ අතර සිටිනවද දන්නේ නැ කොන්සෝල් කාර්යාලයෙන් ඔවුන්ගේ කපිල්ගෙන් ඒ වන විටත් මේ බව විමසා නැති බවත් කීවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site