‘‘දමාම් හි සෆ්‍රවා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් ගැන සොයා බැලු බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ තුන් වැනි ලේකම් රොෂාන් ගුණසිංහ මහතා පවසයි.
සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ දමාම් සෆ්වා ප්‍රදේශයේ කිං පාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රදේශයේ සෆ්රී ආයතනයට පිරිසිදු කරන්නන් ලෙස පැමින දුෂ්කරතාවයන්ට හෝ ශ්‍රී ලාංකිකයින් දෙසිය දෙනකුගේ ප්‍රශ්න පිළිබඳව සොයා කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන බව ගුණවර්ධන මහතා කියයි.
තානාපති කාර්යාලය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගිය බ්‍රහස්පතින්දා එම ආයතනයේ නිල සංචාරයකින් මාසයේ නියමිත වැටුප් නොලබා සිටි ශ්‍රී ලාංකිකයින් දෙසීයක් පමණ පිරිස අතුරින් 175 දෙනකුට එම අවස්ථාවේම වැටුප් ලබා දීමට කටයුතු කළ බවත් විසි පස් දෙනකුට පමණ වැටුප් ලබා දිම පිළිබද යම් යම් ගැටලුකාරී තත්ත්වයක් තිබුණද එහි පාලන අධිකාරියේ ශ්‍රී ලංකා විධායක නිලධාරියකු පවසා ඇතතේ ඉදිරි දින කිහිපය ඇතුළත එය ලබා දිමට කටයුතු කරන බවයි.
කෙසේ වුවද සනිපාරක්ෂක කටයුතු මෙන්ම ජලය ,නාන කාමර, නවාතැන් , රක්ෂණ ආවරණ හා වෛද්‍යාධාර පිළිබදව ප්‍රශ්න රාශියක් පිළිබදව එහි රැකියා කරන ශ්‍රී ලාංකික තරුණයින් පැමිණිලි කිහිපයන් යොමු කර ඇති බවත් ගුණවර්ධන මහතා පවසයි.
සිකුරාදා දින රොෂාන් ගුණවර්ධන මහතා සමඟ නැගෙනහිර පාලක චාලි කලයාරත්න නූර් පහුම් සහ තවත් නිලධාරීන් දෙදෙනකු සමඟ එම ආයතන පිහිටි නිවාස සංකීර්ණයට ගිය බවත් සියලු කරුණු පිළිබදව ආයතන බලධාරීන් සමඟ සම්මුතියකට පැමිණි බවත් ඉදිරි දින කිහිපයේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් නිතිමය පියවර ගන්නා බවත් ඔහු සදහන් කරයි.
කෙසේ වුවද කුමන ප්‍රශ්නයක් හේතු කරගෙන හෝ සෞදි අරාබියේ වැඩ වර්ජනය හෝ අනිකුත් නීතී විරෝධි ක්‍රියාපටිපාටි අනුගමනය කිරිමෙන් තම අරමුණ ඉටු කරගැනීමට නොහැකි බවද ඔහු අවධාරණය කරයි..
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ගිය පිරිසකට සහන ලැබේ
නිසාර් Sunday, 19 May 2013 01:31 PM
අර කුරුණෑගල පැත්තේ මෑතකදී ඉස්ලාම් ආගමට එරෙහිව පබයන් සහිතව පෙළපාලි ගියා වගේ එහෙත් ගියානම් ඉල්ලීම් එවෙලේම ඉස්ඨ කරගන්ඩ පුළුවන්. සමහර විට නිවන් දකින්ඩත් පුළුවන්. (නදී)
සරසි Sunday, 19 May 2013 04:45 PM
නිසර් බුදු දහමේත්, ඉස්ලාම් ආගමේත් වෙනස ඒකයි. ඔයාලම පිළිගන්න එක හොදයි. ආගමට ගරහන එක අනුමත කරන්නේ නැහැ. මුස්ලිම් අයට ලංකාවේ තියෙන නිදහස සිංහල අයට සෞදියේ නැහැ. ඒ රටවල් දෙකේ පවතින ආගම දෙකේ වෙනස නිසා.(නදී)
මොහමඩ් Sunday, 19 May 2013 11:42 AM
ඉල්ලීම් ඉටුකර ගත යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්. වැඩ වර්ජන කරලා කරලා තමයි අද ලංකාව අන්ත ආගාධයකට වැටිලා තියෙන්නේ (නි)