IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෞදි ගිය ගමන් තිදෙනක් මරු සමග යති

සෞදි අරාබියේ ජෙඩා කලාපයේ තායිෆි හි  දී අනතුරකින් ලංකාවේ  කාන්තාවෝ තිදෙනෙක්  මරු මුවට පත් වුහ.

ගම්පහ වෑබඩ පස්යාල ආචාරිලාගේ පද්මා රංජනී (55), කඩවත  සමරතුංග මුදියන්සේලාගේ සෝමලතා (56), හා කසීනා  උම්මා අබ්දුල් හමීඩ්(52) යන එම තිදෙනාය.ඔවුහු මරදානේ  ආයතනයකින්  එහි රැකියාවකට ගියහ.

පිරිසිදු කරීමේ සෙවිකාවන්  ලෙස  ශ්‍රී ලංකාවේ සිට  රැකියාවට පැමිණ ජෙඩා ගුවන් තොටුපළේ සිට  වාහනයකින් ගමන් කරමින් සිටියදි  තායිෆි මක්කම අධිවේගී මාර්ගයේ දී  මේ අනතුර සිදු විය.

වාහනය පදවාගෙන  පැමිණි බංගලිදේශ ජාතික රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මුස්ලිම් කාන්තාවගේ මෘත දේහය  මිහිදන් කළ අතර  අනිකුත් කාන්තාව දෙදෙනාගේ  මෘත දේහයන්  තායිෆි  හෙරා රජයේ රෝහලේ  තැන්පත්කර ඇති බව ජෙඩා කොන්සියුලර් කාර්යාලය පවසයි.

නීතිමය කටයුතු නිම කර  සිරුරු ශ්‍රී ලංකාවට පිටත්කර හැරීමට කටයුතු කරන බව  තානාපති කොන්සියුලර් කාර්යාලය පවසයි.මරදානේ රැකියා එජන්සියකින්  ඔවුන් පැමිණි බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

සෞදි ගිය ගමන් තිදෙනක් මරු සමග යති

සිල්වා Monday, 04 March 2013 02:39 PM

අපි සමාජයක් හැටියට මේ දේවල් වලට වග කියන්න ඕනේ (දී)

:       0       0

ලංකාසිරි Monday, 04 March 2013 03:11 PM

පවු! අහිංසක ජීවිත තුනක්. (නි)

:       0       0

කුරුවිට Monday, 04 March 2013 03:12 PM

මම දන්න නිසයි කියන්නේ. මොන ගණුදෙනුව කළත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ජයතිස්ස Monday, 04 March 2013 03:30 PM

අෂ්ට ලෝක ධර්මයට පිටුපෑමට කිසිවෙකුට නොහැක. (නි)

:       0       0

මොහොමඩ් Monday, 04 March 2013 04:22 PM

ඉතාම කණගාටුදායක සිදුවීමක්. (නි)

:       0       0

වරුණ Monday, 04 March 2013 04:28 PM

පුදනකොටම කාපි යකා කිවුවලු. පවු අසරණ මිනිස්සු! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 04 March 2013 04:42 PM

වයස අවුරුදු 45ට වැඩි කාන්තාවන් විදේශ රැකියා වලට යවනවද? (නි)

:       0       0

පැතුම් Monday, 04 March 2013 05:36 PM

අනේ මේ වගේ අම්මලා අරාබියට යවන්න එපා. (නි)

:       0       0

කේ. හේමසර හිමි Monday, 04 March 2013 06:02 PM

දෙයියෝ සාක්කි!(නදී)

:       0       0

පාලිත Monday, 04 March 2013 07:28 PM

අයියෝ සල්ලි නිසා නේද (දී)

:       0       0

මාලක Monday, 04 March 2013 02:05 PM

අයියෝ සල්ලි, දුප්පත් කම නිසානේ (දී)

:       0       0

තරිඳු Monday, 04 March 2013 02:05 PM

සල්ලි සොයන්න ජිවිත පවා අවදානමේ දා ගන්නවා (දී)

:       0       0

නාලක Monday, 04 March 2013 02:09 PM

මේ අපේ රටේ මිනිස්සු ඒ මිනිස්සු මැරෙනකොට වග කියන්න ඕනේ අපි හැමෝම (දී)

:       0       0

සාගර Monday, 04 March 2013 02:14 PM

ඔබලාට නිවන් සුව (දී)

:       0       0

රාජු Monday, 04 March 2013 02:15 PM

මමනම් කියන්නේ පිරිමි අපි ලජ්ජා වෙන්න ඕනේ මේ වෙන දේවල් වලට (දී)

:       0       0

නන්දන Monday, 04 March 2013 02:15 PM

කාන්තාවන් රට රස්සාවට යවන්න එපා (දී)

:       0       0

මලිත් Monday, 04 March 2013 02:12 PM

බලන්න ඉතින් ලංකාවේ ඉන්න අය තමයි අසරණ උනේ (දී)

:       0       0

ඉසුරු Monday, 04 March 2013 02:17 PM

පවුලේ බර ගෙනියන්න පිරිමියාට් බැරිද (දී)

:       0       0

පාලිත Monday, 04 March 2013 02:17 PM

මොකද මේ කාන්තාවන් රට යන්නේ, කොන්ද පන තියෙන පිරිමි නැද්ද (දී)

:       0       0

මංගල Monday, 04 March 2013 02:14 PM

ලංකාවේ කට්ටියටම මොකද මෙහෙම වෙන්නේ (දී)

:       0       0

පාලිත Monday, 04 March 2013 02:26 PM

සල්ලි නිසා ජීවිතය අවධානමකට ලක් කරන්න එපා (දී)

:       0       0

ශ්‍රියා Monday, 04 March 2013 02:30 PM

රට යන අය රක්ෂනය කරනවාද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site