IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සෞදි ගිය කත වසර 13කට පසු ගෙදර

සෞදි අරාබියේ සිරියා ජාතික ගෙදරක තාඩන පීඩන මැද වසර 13ක්  වහල් සේවය කළ කැකිරාවේ  එච් එම් ධනවතී (47) මහත්මියට යළි  සැමියාගේ හා දරුවන්ගේ මුහුණ බැලීමට ඉඩකඩ සලසා දීමට ලංකාදීප එසැණ වෙබ් අඩවිය සමත් විය.

ඇය ජීවතුන් අතර සිටින බව ඇගේ සැමියාටත් දරුවන්ටත් දන්වා පුවත මුලින්ම පළ කළේ එසැණ වෙබ් අඩවියයි

රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කම්කරු නිලධාරී රොෂාන් ගුණවර්ධන මහතා හමුනොවන්නට  ඇයට යළි  ශ්‍රී ලංකාවේ පස් පාගන්නට බෙහෙවින්ම ඉඩ නොතිබිණි.

විසා නොමැතිව සෞදි අරාබියේ සිටින  විදේශික ගෘහ සේවිකාවන් සොයා සෞදි රජයෙන් මෙහෙයුමක් ඇරැඹිමත් සමඟ ඉන් බේරීමට ඇය මුස්ලිම් කතක සේ අන්දවා දමාම් නුවර ශ්‍රී ලංකා තානාපති ජංගම සේවයට රැගෙන ගිය සිරියා හාම් පුතාගෙන් ප්‍රශ්න කරද්දී  ඇගේ කතාව එළියට  ආවේය.එදිනම ඇය  තානාපති කාර්යාලයයේ බාරයට ගෙන  ඇගේ හිඟ වැටුප් ගෙවන ලෙස හාම් පුතාට නියෝග කැරිණි.ඒ අනුව මාස ගණනක් හෙට්ටු කිරීමෙන් පසු ශ්‍රී ලංකා මුදලින් ඇයට රුපියල් ලක්ෂ 21 පමණ ලබා දීමට රොෂාන් ගුණවර්ධන මහතා සමත් විය.

පස් දරු මවක වන ධනවතී මහත්මිය අද (26)  අලුයම ගෙදර පැමිණි අවස්ථාවේ කදුළු පිරුණු දෑසින් ඇගේ සැමියාත් දරුවෝත් සමීප නෑයෝත් ඇය වට කර ගත්හ.

ඇය සෞදියේදී විදි දුක් ගැහැට හා වද වේදනාවල සලකුණු අගේ සිරුර පුරාම ඇත.ඇය කියනුයේ  කිසිම ගැහැණියක සෞදි අරාබියේ රැකියාවකට නොයැවිය යුතු බවයි.  

වැටුපක් හෝ නිවාඩුවක් නොලබා වහල්  සේවයේ යෙදවූ එම් එච් ධනවති මහත්මිය බදාදා (25) රාත්‍රීයේ රියාද් සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ යු එල් 266 දරන  ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කොළඹට පිටත් කර  යැවු බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය .

ධනවතිට හිමිවූ ලක්ෂ 21 ක් චෙක් පතක් මගින් අද දින (26) ඇයගේ අතටම ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු සුභසාධන අමාත්‍යවරිය කටයුතු කළ බවද ඔහු සඳහන් කරයි

ධනවති මහත්මිය පසුගිය 6 වැනි සිකුරාදා නැගෙනහිර කලාපිය ජංගම සේවාවට පැමිණියේ ඇයගේ හාම්පුතා සමග තම ගමන් බලපත අලුත් කර ගැනීම සඳහාය. සොයා බැලීමේදී හෙළිවුයේ  වසර 13 ක් කාලයක් පුරාවට කිසිදු වැටුපක් හෝ නිවාඩුවක් ලබා නොදී ඇය වහල් සේවයේ යොදවා ඇති බවයි.

ඒ අනුව තානාපති බාරයට ගත් ධනවතිහට ලැබිය යුතු සියලු මුදල්  සහ ගුවන් ගමන් ගාස්තුද හාම්පුතා යැයි  කියන ගත සිරියා ජාතිකයාගෙන් අය කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කටයුතු කළේය.

DSC00443 DSC00449

DSC00451 DSC00459DSC00454 DSC00456 DSC00463

ලංකාවට පැමිණිමෙන් පසු සිය ඥාතීන් සමඟ (ඡායාරූප කාංචන කුමාර ආරියදාස)

DSC03853-(1)

සෞදියේ සිටියදී 

 

 

 



අදහස් (0)

සෞදි ගිය කත වසර 13කට පසු ගෙදර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site