IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


සෞදි කුමාරයාගේ කෝටි හතරක් පැරීසියේදී පැහැර ගනී

අබ්දුල් අෂීස් බින් ෆාඩ් (41) සෞදි  රජ කුමාරයාගේ  රිය පෙළට පැරිස් නුවරදී  කඩා වැදුණු අවිගත් කොල්ලකරුවෝ ඩොලර් තුන්ලක්ෂයක් (රුපියල් 39600000) පැහැර ගත්හ.

බ්‍රිතාන්‍යයේ ආයෝජකයකු ද වන කුමාරයාට මේ ඇබැද්දිය ඉරිදා  රාත්‍රියේ සිදු වුයේ  උතුරු දිග ප්‍රංශයේ දීය.සන්නද්ධ ආරක්ෂකයන්ගේ රැකවරණ මැද රිය දහයක් සමඟ ලෙබූෂේ ගුවන්තොටේ  තම පෞද්ගලික ජෙට් යානය බලා ගමන් කරන අවස්ථාවේදීය.

බලක්ලාවා මුහුණු ආවරණ පැළැඳ සිටි කොල්ලකරුවන් රිය පෙළ මුලට කඩා වැද අවි පෙන්වා මර්සිඩීස් වෑන්රියේ තිබු මුදල් හා ලියවිලි ද කුමාරයාගේ බෙහෙත් ද පැහැරගෙන  ගිය බව ප්‍රංශ පොලීසියි කියයි.

පැරීසීයේ ජෝර්ජ් වී හෝටලයේ සුඛෝපභෝගී කුටියක දෙමාසයක් සිටි සෞදි කුමාරයාට හෝ සෙසු රියවල ගමන්ගත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැත.කොල්ලකරුවන් පලා ගිය බී එම් ඩබ්ලිව් හා  මර්සිඩීස්  කාර් පසුව පුළුස්සා දමා තිබිණි.

පැහැරගෙන ගිය සහායකයෝ තිදෙනෙක් මුදා හරිනු ලැබුහ.

කුමාරයා පැරිසියේ සෞදි අරාබි තානාපති කාර්යාලයයයේ සිට ගුවන් තොටට යමින් සිටියේය.

SAUDI-PRINCE

 



අදහස් (0)

සෞදි කුමාරයාගේ කෝටි හතරක් පැරීසියේදී පැහැර ගනී

අජිත් Friday, 22 August 2014 12:22 PM

අනේ ඇත්තට, මෙච්චර දෙයක් වෙනකල් ආරක්ෂකයින් මොනවා කළාද? (නි)

:       0       1

අබේපාල Friday, 22 August 2014 12:40 PM

බලනකොට අපේ රටවල් හොඳයිනේ. මෙහේ නම් කවදාවත් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ (නි)

:       0       1

නන්දන පනාගොඩ මිලානෝ Friday, 22 August 2014 12:54 PM

ප්‍රංශයේ ඉන්න ලංකාවේ අය නම් නිතරම එකිනෙකා අතර ඇනකොටා ගන්න එකනේ කරන්නේ (නි)

:       0       0

ප්‍රනීත් Friday, 22 August 2014 01:37 PM

හසන් , එතකොට ඔය කළු පාට ඇදුමෙන් ඉන්නේ රජ කුමාරයාගේ ඥාති සහෝදරියක් නෙමේද . හසන් දන්නවනේ හොඳට ඔය කට්ටිය ගැන . (නදී)

:       0       0

චමිල් Friday, 22 August 2014 02:54 PM

බලන්නකෝ කුමාරයාගේ හිනාව.... (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 23 August 2014 08:45 AM

ධිවර බහුදින යාතා වලින් ඉතාලියටපැමිණ , තවමත් ඉතාලියේ මිලානෝ හැර වෙනත් රටක් නොදැක , අනික් අයට මඩ ගහන්නේ , ඔහුගේ මානසික හිනමානයත් , නුගත් කමත් නිසා වන්නට පුළුවන , (අ)

:       0       0

හසන් මෝහම්මෙඩ් Saturday, 23 August 2014 09:39 AM

ඔය එමීර්ල කියන අය ඩොලර් මිලියන ගණන් අරගෙන ලන්ඩන්, නිව්යෝක්, පැරිස්, ජිනීවා වැනි ප්‍රසිද්ධ නගරවල සූදු ගැහැව්වට ගණිකාවන් එක්ක රති කෙලියේ යෙදුනට, මත ද්‍රව්‍ය බිව්වට තමුන්ගේ ගෙදර වැඩකරන සේවකයන්ට පඩි නඩි ගෙවෙන්නේ නැහැ. ඒ වෙනුවට කම්බි කටු අැගවල් වලට විදලා තමයි ඒ අයගේ රටවල් වලට අාපහු පිටමන් කරන්නේ (නදී)

:       0       0

නිලංග අබේවික්‍රම Friday, 22 August 2014 05:00 PM

මේ පින්තුරය හරිම නොමග යවන සුලු එකක්. මෙහි මැදින් ඉන්න දෙන්න ස්වීඩන් රැජින සහ දෙවෙනි රජ කුමරිය. (නදී)

:       0       0

මිනිපෙ Friday, 22 August 2014 05:17 PM

මෙතන අපි සාකච්ඡා කල යුත්තේ හොරකම ගැනයි. ඇයි ඕගොල්ලන් කුමාරයාගේ බිරියන් ගැන කතා කරන්නේ. ඕපාදුප කාරයෝ. (නදී)

:       0       0

ප්‍රසන්ත Friday, 22 August 2014 06:36 AM

අපේ ඇමති කෙනෙක් වත් මේ පැත්තේ ගිහින්ද ? (ස)

:       0       0

මංජුල Friday, 29 August 2014 07:35 AM

අනේ අපොයි! (නි)

:       0       0

ලක්සිත පැරිස් Friday, 22 August 2014 06:50 PM

පැරිස් ගෙන කතා කරන්නේ පැරිස් දැකලා තියෙනවාද ?නන්දන පනාගොඩ මිලානෝ ....ඉතාලියේ ඉන්න අය අපිට ඉරිසියයි. මම නොදන්නා ඉතාලිය. (නදී)

:       0       0

වසන්ත Friday, 22 August 2014 06:58 AM

අපේ ඇමතිවරු හොරා ගන්නේ අපේ සල්ලි. (නදී)

:       0       0

සුදත් රෝහණ Friday, 22 August 2014 06:58 AM

මේ බිරින්දෑ වරුන්ගේ පර්දාව නැහැනේ (නදී)

:       0       0

හේවාවිතාරණ Friday, 22 August 2014 07:11 PM

මම බේරුනේ අනුනවයෙන් (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 22 August 2014 07:03 AM

ලැජ්ජහයි අහන්නත් ! ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් කුමාරයාගේ ආරක්ෂාවට ගිහින් තියෙන්නේ නිරායුධව වෙන්න ඇති. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Friday, 22 August 2014 07:06 AM

සහෝදරයා ඔයාගේ තාත්තා නං ගියා මන් හිතන්නේ හොයලා බලන්න (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Friday, 22 August 2014 07:09 AM

අර මීගමුවේ දේශපාලක උන්නැහේගෙ දුරකථන බිල් විස්තරය බැලුවා නම් නරකද පැරීසියට ඇමතුම් අරගෙන තියනවද කියලා. අපේ රටේ ඕවා වෙනකොට සමහරු කථා කරන්නෙ නම් ඔය රටවල් එහෙම දේවල් ගැන දන්නෙවත් නැති විධියට උඩින් තියලා. (නදී)

:       0       0

සත්‍යපාල Friday, 22 August 2014 07:12 AM

"පැණි වරකා ගහටත් හෙන වදී" කියන්නේ මේවට තමා.(දිල්)

:       0       0

පියල් Friday, 22 August 2014 07:13 AM

එහෙම තමයි ඉන්නේ පැරිසියෙනෛ් (නදී)

:       0       0

රත්නසිරි Friday, 22 August 2014 07:30 PM

මෙය කුමණ රටක සිදුවුවත් අනාරක්‍ෂක පරිසරයක් ඇති බව පැහදිලියි. මෙය නොදැන කිසිවෙකුට කළ නොහැකියි. ත්‍රස්ථවාදිනට මුදල් මේ තරම් මුදලක් දීලා ගියා හා සමානයි. ජීවිත බේරා යැවීම සැක සහිතයි. (නදී)

:       0       0

කපිල වසන්ත කුමාර Friday, 22 August 2014 07:15 AM

ඕක අපිට මහලොකු ගානක් උනාට එයාට ඕක ගානක්වත් නැතුව ඇති.(නදී)

:       0       0

පරා Friday, 22 August 2014 07:30 AM

හපෝ දැන් මෙයාගේ මහත, එකත් ඇරැබියන් ටේරල්ගේ වැඩක්.එයාලට ඕකත් ගානක්ද! (අ)

:       0       0

මානෙල් ක්‍රිස්ටීන් Friday, 22 August 2014 08:27 PM

මේ මැද ඉන්න දෙන්න ස්වීඩනයේ රජ බිසව සහ කුමාරිකාව බව මම දන්නා නිසා ලියන්න හිතුනා. (නදී) ' ..,

:       0       0

පුෂ්පසිරි අල්විස් Friday, 22 August 2014 09:48 PM

නන්දන පනාගොඩ මිලානෝ, ඔබ කියනා විදියට ප්‍රංශයේ සිටින ලාංකිකයෝ එකනෙකා මරාගන්නවා (නදී)

:       0       0

පුෂ්පසිරි අල්විස් Friday, 22 August 2014 09:53 PM

නන්දන පනාගොඩ මිලානෝ , අප නම් දිනපතා ලංකාදීපය පුවත් පතින් හා වෙනත් මාධ්‍යන්ගෙන් කියවන්නේ එකීනෙකා ලාංකිකයන් මරා ගන්නේ ඉතාලියේ කියලා. එයට අමතරව හොරකම මැරකම කරන්නේද ඉතාලියේ කියලා. මම නම් කිසි දිනක දැකලා හෝ අහලා නැහැ ඉතාලියේ වාගේ ප්‍රන්සයේ ලාංකිකයන් හැසිරෙනවා කියලා. අනික් කරුණ ඔබ ප්‍රතිචාර දමා තියෙන්නේ විශයෙන් පිට පැනලා (නදී)

:       0       0

රසික(ඕමාන්) Friday, 22 August 2014 07:51 AM

මේ ඡායාරූපයෙන් පේනවද රජ පවුලේ කිසිවෙක් ආගම කරේ තියන් නොඉන්න බව.නමුත් ඔවුන් සාමාන්‍ය මිනිසුන්ගේ කරමත ආගම පටවනවා.එ්ක සෞදිඅරාබියට සිමානොකර අනෙකුත් අනෙකුත් රටවලටත් පතුරවනවා.මේවා කරන්නේ රජපවුලේ පැවැත්මට.(අ)

:       0       0

එරංග Friday, 29 August 2014 09:11 AM

ලංකාවට අාව නම් සල්ලිත් නෑ, නෝනලත් නෑ, කුමාරයත් නෑ (නදී)

:       0       0

ප්‍රනීත් Friday, 22 August 2014 07:52 AM

මුස්ලිම් ආගමේ එන බුර්කාව රජ පවුලට අදාල නැහැ වගේ මේ ෆොටෝ එක දැක්කහම පෙන්නේ .(අ)

:       0       0

ක්‍රිස් Friday, 22 August 2014 11:34 PM

මේ සුදු ඇදුමින් ඉන්නේ මෙයාගේ බිරියක් නෙමෙයි. ඕස්ට්‍රේලියා එම්බසියේ හිටපු තානාපති ගේ නෝනා මගේ මතකය හරිනම්. (නදී)

:       0       0

සමන්ති Friday, 22 August 2014 11:38 PM

ක්‍රෙඩිට් කාඩ් (ණය පතක් ) අරන් ගියානම් මෙහෙම වෙන්නේ නැහැ. හැබැයි වැඩේ පාඩුයි වගේ ? (නදී)

:       0       0

චන්දි Tuesday, 26 August 2014 05:51 AM

කවුදෝ කෙනෙක් චන්දි කියල ලියල තියෙනවා(දී)

:       0       0

සත්‍යයා Saturday, 23 August 2014 01:05 AM

සෞදි කාරයෝ අහංකාර යි. මම නම් හිතන්නේ ඔහොම වෙලා මදි කියලා අපේ රිෂානා දැරියට කරපු අපරාධයට. (නදී)

:       0       0

මිලානො ජයන්ත Friday, 22 August 2014 09:11 AM

මෙය පිටුපස වෙනත් අරමුණක් තිබිය යුතුයි. මක්නිසාද මේ මුදල එපමන ගානක් නොවේ යූරෝපයේ හැටියට. (නදී)

:       0       0

තුෂාන්ත වික්‍රමනායක Friday, 22 August 2014 09:22 AM

සවුදියේදී හැම ගැහැනියක්ම පර්දාව පැළදිය යුතුයි. මෙයාලා වෙන රටවල් වලට ගියාම ගොඩක් වෙලාවට යුරෝපියක් අදින ආකාරයට තමයි අදින්නේ. එ්කට මේ පින්තුරය උදාහරණයක්. ලංකාවේදී මම දැකපු බොහෝ සවුදි ගැහැනුන් පර්දාව නැතුවයි දැක්කේ. .නමුත් ඔවුන් ගුවන් යානයට නැගීමට මොහොතකට පෙර ඒවා පළදිනවා දැක ඇත්තෙමි (නදී)

:       0       0

සලීත් Saturday, 23 August 2014 03:40 AM

තිලක් මොකොද නැත්තේ ඔයගොල්ලෝ ඕනෑම දෙයකට ආගම ගාවගන්නවා (නදී)

:       0       0

ගැමුණු Friday, 22 August 2014 10:36 AM

අපේ රටේ නම් කවදාවත් මෙහෙම වෙන්නෙ නැහැ (නි)

:       0       0

සිසිර Friday, 22 August 2014 10:49 AM

සමහරුන්ට යන්නේ කොහෙද මල්ලේ පොල්. හොරකමක් ගැන කියනකොට ආගමක් ගැන කතා කරනවා. අනිත් එක ඉතින් කවුද දන්නේ මෙතන ඉන්න කාන්තාවන් අරාබිද ප්‍රංශද කියල‍ා. (නි)

:       0       0

ලලිත් Friday, 22 August 2014 10:51 AM

කුමාරයා නම් නියමයි (නි)

:       0       0

ටිරෝන් Friday, 22 August 2014 10:52 AM

මෙයාට නම් පැහැරගත් මුදල මාසේ අන්තිම දවස් වල අපේ පර්ස් එකේ තියන මුදල තරම්වත් ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නය මේ වගේ රටක මෙය සිද්ධ වුණ එකයි (නි)

:       0       0

චන්දි Friday, 22 August 2014 10:53 AM

මෙයාට බිරියන් 4ක් ඉන්නවා. පින්තුරේ ගත්ත වෙලාවේ 4 වැනියා ලැට් එකට ගිහිල්ලා (නදී)

:       0       0

අබ්දුල්ලා හසන් Friday, 22 August 2014 11:04 AM

ප්‍රනීත්, සුදත් රෝහණ ඔයා දන්නවද රජ පවුල් වල අය ගැහැණු එක්ක යනවා කියා (නදී)

:       0       0

තිලක් Friday, 22 August 2014 11:28 AM

අපේ හිතවත් මුස්ලිම් සහෝදර සහෝදරියන්ට නැද්ද මුකුත් මේ ගැන කියන්න? (නි)

:       0       0

ඉන්ද්‍රා Friday, 22 August 2014 11:38 AM

දෙන්න තියනවා නම්, යන්න තියනවා නම්, වෙන්න තියනවා නම්, අටලෝ දහම දන්නවා නම් ගියදේට නාඩන් රජ කුමාරයෝ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 318 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 791 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1045 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2092 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 2009 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 132 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1245 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1521 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site