ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිති කරගනිමින් සංවිධානය කර ඇති කොඩි අලෙවි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පැළඳවීම ජනාධිපති නිල නිවසේදී අද (8) පෙරවරුවේ සිදුකෙරිණි.
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත සිල්වා මහතා ජනපතිට එම කොඩිය පැළඳවීය.
සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ ලේකම් නුවන් ඉන්දික මහතාට සුදු සැරයටියක් පිරිනැමීම හා එහි අරමුදල වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් ලබාදීම ද මෙහි දී ජනපති අතින් සිදුවිය.
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ අධ්‍යාපනික හා සුබසාධන සේවාවන් සඳහා අරමුදල් සපයාගැනීම වෙනුවෙන් මෙම මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙම සතිය ක‍්‍රියාවට නැංවේ.
ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදුසැරයටි දින පළමු කොඩිය ජනපතිට
කමල් Friday, 09 October 2015 06:08 AM
මෙම කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
ඉමේෂ් Thursday, 08 October 2015 09:12 AM
මේ අබාධිත අයට අපිට වගේම ඕනෙම තැනක යන්න පුළුවන් වෙන්න ගොඩනැගිලි පාරවල් හදන්න ඕනේ.(ම)
වසන්ත Thursday, 08 October 2015 10:18 AM
නියම පිළිගැන්වීමක් අගනෙයි (ම)
දුමින්ද Thursday, 08 October 2015 10:34 AM
සංවේදී මොහොතක්..(ම)