IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සෞදියේ සහන කාලය පොදු සමාවක් නොවේ

 සෞදි අරාබියේ  අවතැන් වු  හෝ අනවසරයෙන්  රැදී සිටින  ශ්‍රී ලාංකිකයින්  ගත යුතු පියවර පිළිබදව  රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය උපදෙස් දෙයි.

විවිධ හේතු මත  සෞදියේ අනවසරයෙන්  රැදී සිටින  විදේශික සංක්‍රමිණිකයින් සදහා  කිසිදු පොදු සමා කාලයක්  ලබා දි නැත. මාස තුනක සහන කාලයක් පමණක් දී නීත්‍යනුකූලව එහි  පැමිණි  ආයතනයෙන් හෝ සේවායෝජකයාගෙන්  බැහැරව එහෙත්  නියමිත රැදී සිටිමේ බලපත්‍රයක්  ඇති විදේශිකයන්ට පමණක්  වන අතර ලබා දී ඇති  එම සහන කාලසීමාවේදී  අදාල ස්ථානය  හෝ සේවා  යෝජකයා යටතට පැමිණ  රැකියාව කළයුතු බවයි.

  එසේ තම සේවා යෝජකයා හෝ  ආයතනය සතුව රැකියා කිරීමට  පහසුකම් නොමැතිනම්වෙනත් සේවා ස්ථානයකට  තම ලියකියැවිලි මාරු කරගනිමින්  රැකියාව කළ යුතු බවත් එම කරුණු දෙක සදහාම එකගතාවක් නොමැති නම්  තමා පැමිණි සේවා යෝජකයා මගින්  මව් රටට යාම සදහා  අවස්ථාව උදාකර ගත යුතු බවත්   තානාපති කාර්යාලය කියයි.

 නිත්‍යනුකූලව පැමිණ රැකියාව කරනා ස්ථානයේ  රතු සටහන තිබේ නම්  වෙනත් සේවා ස්ථානයකට යාම සදහා  එම ආයතනයෙන්  බාධාවක් නොමැති අතරම සෞදි කම්කරු අමාත්‍යංශයන්ද ඒ සදහා පහසුකම් සලසන බවත්  ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයයේ නිළධාරියා පැවසීය.

 කෙසේ වුවත්  කිසිදු අනවසර  හෝ අවතැන් වු ශ්‍රී ලාංකිකයකු තානාපති කාර්යාලය භාරයට  ගැනීමට නීතිමය තත්වයන්  නොමැති අතරම  රඳවා තබා ගැනීමට කිසිදු පහසුකමක් නොමැති බවද සෞදියේ සාමාන්‍ය  නීතිය යටතේ  ආගමන විගමන කඳවුරු වෙත  භාර වන අනවසර සංක්‍රමණිකයින්  සදහා නීතීමය කටයුතු කිමකිරීමටත්  අනතුරුව සිය මව් බිමට යාමට අවස්ථාව සලසා දීමටත්සෞදි රජය පියවර ගන්නා බවයි.



අදහස් (0)

සෞදියේ සහන කාලය පොදු සමාවක් නොවේ

නිමල් Thursday, 09 May 2013 06:32 PM

සෞදි අරාබියාවේ ආයතන වර්ගීකරණය කර ඇත.උදාහරණ-(කොළ පැහැති වර්ණය තිබේ නම් අංගසම්පුර්ණ ඉතා හොද තත්ත්වයේ පවතින ආයතනයකි. කහ පැහැති වර්ණය තිබේ නම් දුර්වල අඩුපාඩුකම් පවතින ආයතනයකි.රතු පැහැති වර්ණය තිබේ නම් ඉතාම දුර්වල තත්ත්වයේ පවතින ආයතනයකි) මෙම වර්ණ සංකේත අනුව ආයතන වර්ගීකරණය කර ඇත්තේ සෞදි කම්කරු දෙපාර්තමේන්තුව මගිනි.සෞදියේ රැකියාව කරන කොයි කව්රුත් තම ආයතනය කුමන වර්ගයට අයත්ද යන්න සොයා බැලීම වටි.මේ සෞදි රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මාස 3 සහන කාලය ආයතනයකින් පැන ගොස් බලපත්‍ර නොමැතිව (ඉකාම හෝ ගුවන්ගමන් බලපත්‍රය )තම හාම්පුතාගෙන් පිට වැඩ කරන ශ්‍රමිකයන් සදහා වලංගු නොවේ. එය වලංගු වන්නේ සේවයට පැමිණි ආයතනය දුර්වල නම් තම හාම්පුතා ලග තමාට සුදුසු රැකියාව නැත්නම්,වෙනත් සුදුසු හම්පුතෙක් ලගට තම රැකියාව හා වීසා මාරු කර ගැනීම සදහා මේ සහන කාලය වලංගුය. (නි)

:       0       0

දිසානායක Thursday, 09 May 2013 04:50 PM

සෞදියේ රැකියාවලට යනවට වැඩිය හොදයි ගෙදරට වෙලා බඩගින්නේ ඉන්න එක (නි)

:       0       0

රොෂාන් - සෞදි Friday, 10 May 2013 01:17 PM

කිසිම වගකීමක් ගන්නේ නැති මේ වගේ තානාපති කාර්යාල මොකටද? එහෙම හම්පුතාගෙන් බැහැරව සේවය කරලා නැවත හම්පුතාගෙන් ගමන් බලපත්‍රය ඉල්ලුවොත් ඔහු ඒක නැවත දෙය්ද? හාම්පුතා හෝ ආයතනය හොදනම් ඇයි වෙනත් ස්ථානයක සේවයට යන්නේ? මේ රටේ සේවය කරන ලංකාවේ වැඩි දෙනෙක් ඒජන්සි මගින් බොරු කියල එවපු අය ඉන්නේ. මේවට වග කියන්න ඕන ලංකා රජය. අපේ ආණ්ඩුවෙන් තමයි ඔය ඒජන්සි කාරයන්ට වංචා කරන්න ඉඩ දීලා තියෙන්න. තව ලියන්න බොහෝ දේවල් තියෙනවා හරිම කනගාටුයි අපේ ශ්‍රී ලාංකිකයන් හමුවුණාම ඔවුන්ගේ ප්‍රශ්ණ අහනකොට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site