IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞදියේ වෙසක් ජුනි 7 වැනිදා

සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා විදේශගතවුවන්ගේ  සංගමය මගින්  වෙසක් පොහෝ දිනට සමගාමීව  වසරක් පාසා සංවිධානය කරන   බත් දන්සල  නැගෙනහිර පළාත දමාම් නයිට් වන් -දල්ලා ප්‍රදේශයේ  අල් සෆි  උත්සව භූමියේදී  ජුනි 07 වැනිදා පැවැත්වීමට නියමිත යැයි  එම සංගමයේ  නව සභාපති  එස් .එල් පතිරාජ මහතා පවසයි.

  එදිනට  බත් දන්සලට සහභාගී වී  එය භුක්ති විදින ලෙස  එරට සිටින  සියළු ශ්‍රී ලාංකිකියන් හට අරාධනා කරන අතර  වැඩි විස්තර  0500998349 ඇමතීමෙන් ලබා ගත හැකි යැයිද  සංවිධායක මණ්ඩලය පවසයි.

 



අදහස් (0)

සෞදියේ වෙසක් ජුනි 7 වැනිදා

කුමාරිහාමි Friday, 31 May 2013 03:13 PM

සෞදියේ බෞද්ධ පින්කම් කිරීම බරපතල වරදක් නේද? (නි)

:       0       0

නිහාල් Friday, 31 May 2013 11:11 PM

මගේ සහෝදරවරුනි, සෞදි රටේ අවුරුදු උත්සව, වෙසක් උත්සව අවුරුදු ගණනාවක සිට ලාංකිකයින් විසින් පවත්වනවා. ඒවාට අරාබිකාරයිනුත් උදව් කරනවා. එම රටේ මුස්ලිම් නොවන ශ්‍රමිකයින් ලක්ෂ ගණන් සිටිනවා. කිසිවෙකුටත් තම ආගම පිළිපදින්න තහනමක් නැහැ. ආගමික සිදධස්ථාන ඇති කිරීම පමණක් තහනම්. ලංකාවෙ නම් ඕනෑම වරදක් කරලා පහසුවෙන් බේරෙන්න පුළුවන්. නමුත් එහි නීති තදයි. අපේ සමහර අය මෙහි කරනවා වගේම එහෙත් වැරදි කරනවා. (නි)

:       0       0

අමිල Friday, 31 May 2013 11:10 PM

සෞදිය කියන්නේ සුනාපරන්ත ජනපදයටද? (නි)

:       0       0

අනුර Friday, 31 May 2013 03:38 PM

වෙසක් නම් මැයි මාසේ. නමුත් සෞදි වල ඔක්කොම අනිත් පැත්තට කරන නිසා එක හරි කියල මට හිතෙනවා. (ස)

:       0       0

ඉන්දික Friday, 31 May 2013 03:45 PM

කරන්න යන පිංකම නම් උදාර එකක්. ඒ උනාට ෂරියා නීතියට අනුව දඩුවම බෙල්ල කැපීම හෝ කස පහර දීම විය හැකියි. කරන දෙයක් පරිස්සමින් කරන්න. ම්ලේච්ඡ නීති ක්‍රියාත්මක රටක් නේ ඕක. ඔබ සැමට තෙරුවන් සරණයි.(ස)

:       0       0

අමිල Friday, 31 May 2013 04:07 PM

ඉන්දික, මම හිතන්නේ මේක සංවිධානය කරන සෞදියේ ඉන්න අය ඔයාට වඩා හොඳට දන්නවා එහෙ නීතිය මොකක්ද කියලා.(නදී)

:       0       0

වරුණ Friday, 31 May 2013 04:15 PM

බලාගෙන කස පාරවල් කන්න වේවි ? (ස)

:       0       0

සමන් පෙරේරා - SAUDI Saturday, 01 June 2013 10:09 AM

සෞදියේ අපට අසන්න ලැබෙන ලාංකිකයන්ගේ (අ)

:       0       0

සමන් පෙරේරා - සෞදි Saturday, 01 June 2013 10:15 AM

සෞදියේ ලාංකික අපට වෙසක් සැමරීමට ඇති එකම පිළියම මේක පමණි. නමුත් බුදු රුව ප්‍රදර්ශනය කිරීම ඇදහීම සපුරා තහනම්..... (නි)

:       0       0

මොහන් Saturday, 01 June 2013 09:16 PM

සමන් පරාර.බොරු පිබින අප ඔය අන්න දමං වලට අපි පන්නනම් පිළිම ඕන තරම් (අ)

:       0       0

ඉශාන් Saturday, 01 June 2013 09:16 PM

සන්තෝසයි ඇත්තටම

:       0       0

ලියනගේ Friday, 31 May 2013 08:54 PM

චේතනාව පිරිසිදු නම් ඔබ කරන ක්‍රියාවෙන් යහපත් ප්‍රතිඵල ලැබේවි (නි)

:       0       0

හිල්මි Saturday, 01 June 2013 11:44 AM

සෞදි අරාබියෙ ලංකාවේ අය ගොඩාක් රස්සාව කරනවා. රටට වාර්ෂික ආදායම ඩොලර් බිලියන් 1/2. යම් යම් සීමාවන් ඇතිව ඕනෑම කෙනෙකුට තමන්ගේ ආගම අදහන්න පුළුවන්. කිසිම කෙනෙකුට කිසිම තහනමක් නැහැ අපේ අය නඩුවක් දාගත්තහම කාටවත් ගැලවෙන්න බැහැ. (නි)

:       0       0

කසුන් Friday, 31 May 2013 09:56 PM

කරන්නේ බොහොම හොද වැඩක්. නමුත් ඉන්දික කියන දේ වුණත් වෙන්න බැරි කමක් නැහැනේ. තුන්ගසිරි මහත්තයට වුනෙත් ඒ වගේ දෙයක් නිසා ඕක සංවිධානය කරන අය කල්පනාවෙන් කරන්න. මගේ සුභ පැතුම් (නි)

:       0       0

ලලිත් Friday, 31 May 2013 10:28 PM

වෙසක්, පොසොන් නිමිති කරගෙන සෑම වසරකම කෙරෙන මෙම පින්කම් වලට සිංහල, ද්‍රවිඩ, මුස්ලිමුන් පමණක් නොවෙයි ඇතැම් වසරවල සෞදි අරාබි ජාතිකයින්ද ඔවුන්ගේ ශ්‍රමයෙන්, මුදලින් මෙන්ම විශාල නිවාස - ශාලා - විලා ආදියද ලබාදෙමින් උදව් කිරීම මෙහි වසර ගණනාවක්ම ජීවත්වෙන අය හොඳින් දන්නා කරුණක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site