IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සෞදියේ මිතුරු හමුව මහ ඉහළින්

සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් අයි.ඩී.ජී.සී.  ආයතනය මගින් සංවිධානය කරන ලද මිතුරු හමුව ආධ්‍යාත්මික විනෝදජනක වැඩසටහන පසුගිය සිකුරාදා විශාල ශ්‍රී ලාංකික පිරිසක් මධ්‍යයේ සාර්ථක අන්දමින් පැවැත්විණ.

සවස 4.00 සිට රාත්‍රී 10.00දක්වා පැවැති මෙම මිතුරු හමුව සඳහා ශ්‍රී ලංකාවේ ආවේනික ජන ක්‍රීඩා කිහිපයකින්ම සමන්විත වූ අතර ගෝනියේ බැස දිවීම, දෙහිගෙඩිය හැන්දේ තබා දිවීම, කෙටි ධාවන තරඟ, බදා ගැනීමේ තරග, සංගීත පුටු තරගවලින් සමන්විත වූ අතර සංවාධාත්මක දේශන, කථීක තරග සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්වලින්ද සමන්විත විය.

දුම්බීමේ ආදීනව සහ දුම්බීම මගින් මිනිහාටත් සමාජයටත් වන හානිය පිළිබඳව දීර්ඝ දේශනයක්ද ශ්‍රී ලාංකික මවුලවිතුමකු විසින් කරන ලද දේශනය ඉතාමත් හරවත් සහ ව්‍යක්ත දේශනයක් විය.

සිංහල සහ ද්‍රවිඩ බසින් පැවැති මෙම මිතුරු හමුව සඳහා ඉන්දියානු ජාතිකයින්ද සහභාගි වී සිටීම කැපී පෙනිණ. විවිධ තරග ඉසව්වලින් ජයගත් ජයග්‍රාහකයින් සඳහා ත්‍යාගද පිරිනැමුනු අතර රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසු ‘මිතුරු හමුව‘ සමාප්ත විය.

.

 



අදහස් (0)

සෞදියේ මිතුරු හමුව මහ ඉහළින්

තිලක් Monday, 06 May 2013 02:03 AM

රියාද් එකේ ඕව බැහැලුනේ. වගකීම් බාරගන්න කෙනෙක් නැහැ. සෞදි කාරයෝ ගහයි කියලා බයලු. දන්නවනම් මමත් එනවා දමාම් වලට .(නදී)

:       0       0

ඉෂාන් Monday, 06 May 2013 07:47 AM

සෞදිය රජ කෙනෙක් පාලනය කළාට ලංකාවේ වගේ ජාතිවාදියෝ නැහැ (නි)

:       0       0

ලවන් Sunday, 05 May 2013 01:58 PM

අනේ හොදා ..... (නි)

:       0       0

රනිල් Sunday, 05 May 2013 02:08 PM

‍කොහොමද අපේ ලංකාවේ කොල්ලන්ගේ වැඩ. ජයවේවා!(නදී)

:       0       0

චමින්ද Monday, 06 May 2013 08:24 AM

ඉෂාන්, සෞදි වල ජාති වාදය කරන්න වෙන ජාතියේ කට්ටිය නැනේ. ඉන්නේ එක ජාතියි.(නදී)

:       0       0

රියාල් Sunday, 05 May 2013 02:11 PM

ගොඩක් දෙනෙක්ට මේ වගේ හොද දේවල් පේන්නේ නැහැ. මුස්ලිම් රටක වටයක් ගියාම ජාතිවාදී අදහස් තමයි මතුවෙන්නේ.(නදී)

:       0       0

වරුණ Sunday, 05 May 2013 02:14 PM

අල්ලාහ්! (නි)

:       0       0

රනිල් Monday, 06 May 2013 02:13 PM

නලිත්ලා වාගේ අය අරාබියේ ඉදිමින් මුදල් උපයමින් මේ වගේ උදාර වැඩසටහන්වලට සහබාගිවී හොදනි කා බී තෑගිත් අරන් හොද ධර්ම දේශනයකට කන්දීලා තමුන්ෙග් සිතේ පවතින කුහකගතිය මෙවැනි පහත් අදහස්තුලින් පලකිරීම හරියට කාපු පතේ මලපහ කිරීමකට සමානයි.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Sunday, 05 May 2013 02:41 PM

පව්ලේ සාමාජිකයන්ගෙන් වෙන් වී තනියෙන්ම ඉන්න සිංහල දෙමල මුස්ලිම් අප සියලු දෙනාටම සතුටුදායක සන්ද්‍යාවක් ගෙවීමේ අවස්ථාවක් ලැබුණා (නි)

:       0       0

අනුර Sunday, 05 May 2013 02:50 PM

එකමුතුකම ගැන හරිම සතුටුයි. (නි)

:       0       0

සාලිය Sunday, 05 May 2013 03:20 PM

ඇත්තෙන්ම බොහොම හොද වැඩක් (නි)

:       0       0

නජීබ් Monday, 06 May 2013 02:40 PM

අශාන් ඔයා හරි පුතා. සිංහල සහෝදරින්ගේ සිතුවිලි එහෙම තමා (නි)

:       0       0

නලිත් Monday, 06 May 2013 10:05 AM

මම සහබාගි වෙලා තියනවා ඔය වැඩසටහනට තෑගීත් අරන් තියනවා. නමුත් අවසානෙට වැඩසටහන පටන් ගන්නේ එයාලගේ ආගම ගැන. ඒ වෙලාවට ලජ්ජා හිතෙනවා සහබාගි වීම ගැන.(නදී)

:       0       0

ෂපීක් Monday, 06 May 2013 10:12 AM

බොහෝම ස්තුතියි.(නදී)

:       0       0

රොෂාන් සෞදි Monday, 06 May 2013 10:48 AM

ලංකාවේ විදුලි බිල අඩුකරපු වෙලාවේ මහා හය්යෙන් අප්පුඩි ගැහැව්වා වගේ මෙහෙත් ඉන්නවා ඒ වගේ කට්ටිය, ඒ අය තමයි මේක හොදයි කියන්නේ ඔය කියන තරම් සෙනගක් අවේ නැහැ.(ස)

:       0       0

හෂාන්-සෞදි Monday, 06 May 2013 10:56 AM

මැයි 24 සිකුරාදාත් මේ වගේ වැඩසටහනක් තියෙනවා සෞදි නැගෙනහිර කලාපයේ අල් ජුබෛල් වල. සිංහල දෙමල මුස්ලිම් හැමෝම එන්න. නලින් ඔයා ලජ්ජා වෙන්න ඕන වැරදි දෙයක් කරන්න. මට විශ්වාසයි ඔයාට ඇහෙන්න ලැබෙන්නේ හොඳ දෙයක් මොන ආගමකින් උනත්. ඔයාට තෑගී හම්බ වුනේ ඔයාගේ දක්ෂකමකට. මේ වැඩසටහන්වල අරමුණ ඔයාලව මුස්ලිම් කරන එක නෙමෙයි. මිනිසුන් ආගම වෙනුවෙන් ජීවිත පරදුවට තියල සටන් කරනවා. මේ වගේ වැඩසටහනකට සහභාගීවීමෙන් තමුන්ගේ ආගම අතාහරින්න තරම් මිනිසුන් අනුවන නැහැ. ලැබෙන අවස්ථාවෙන් අනිකුත් ජාතික සහෝදරයින් සමග එකතුවෙලා පොඩ්ඩක් විනෝද වෙන්න. අඩුමගනනේ ඔයාට තව මිනිසෙක්ව හදුනාගැනීමට හෝ ලැබේ.සි යලු ජාතීන් අතර සමගිය ඇතිවේවා.!(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 06 May 2013 10:56 AM

බහුතර හෙළයව කොහොමත් සතුටු කරන්න අමාරුයි මෙවැනි වැඩසටහන් වලින්, මත් වතුර,ගංජා දඩමස් ටිකක් වැනි දෙයක් දුන්නනම් නියම වැඩසටන කියාවි.(නදී)

:       0       0

නෙවිල් Monday, 06 May 2013 11:13 AM

ඔය සංස්කෘතික වැඩ සටහනක් නොවෙයි. ආගමට බඳවා ගැනීමේ ව්‍යාපාරයක්. අපේ අය ගොනාට අන්දවලා ඔය වැඩේ කරන්නේ. සෞදියේ අවරුදු, වෙසක් උත්සව තහනම් කරලා තියෙන්නේ. සෞදියේ ඉන්න ලාංකිකයෝ දන්නවා සමහර අය‍ට ඕක තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site