IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සාදයේ කතාබහ පිහි ඇනුමෙන් කෙළවර වෙයි

( තිලකරත්න දිසානායක)

මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් විළිඹුල ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවති අවස්ථාවේ දෙදෙනෙකු  අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් සිදු කළ පිහි ඇනුමකින් 59 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මල්වතුහිරිපිටිය පොලීසිය සඳහන් කරයි. 

පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබ රදාවාන රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විළිඹුල පදිංචිව සිටි මාගම්මනගේ සිරිමෙවන් නමැති තිදරු පියෙකු බව පොලීසිය පවසයි. 

ඊයේ (12) රාත්‍රියේ විළිඹුල ප්‍රදේශයේ නිවසක පැවති කොටහලු මංගල උත්සවය අවස්ථාවේ එම දැරියගේ පියාගේ සොහොයුරෙකු පිහි ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ.

මියගිය අය සහ උත්සවයට සහභාගි වී සිටි අයෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් පිහියෙන් ඇන ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය කියයි. 

 

 

 



අදහස් (2)

සාදයේ කතාබහ පිහි ඇනුමෙන් කෙළවර වෙයි

Beeman Friday, 13 October 2023 01:44 PM

කොටහළු ගෙවල්වලට මොවුන් පිහි අරගෙන යන්නේ අහවල් දේකටද?

:       0       8

MaxFriday, 13 October 2023 03:47 PM

අපි ඉන්නේ වැදි යුගයේ, ලෝකයේ අනිත් අය ඉස්සරහට ගිහින් හුඟක් කල්, හැම ගමකම පන්සල්, පල්ලි, කෝවිල් තියෙනවා. ඒවාට ඉන්න සෙනග දැක්කාම දිව්‍ය ලෝකයට පරාදයි. හැබැයි කරන තරමක් ක්රන්නේ අපරාධ.. කුහකකම, ඉරිසියාව, වෛරය, වගේ දේවල් තමයි පතුරු වන්නේ. උඩින් සුදු රෙද්ද... යටින් මුකුත් නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site