IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෞදියේදී මියගිය කතගේ තොරතුරු හොයයි

සෞදි අරාබියේදී මියගිය වීරසිංහ පේඩිගේ ලීලාවතී (49) නැමැති ශ්‍රී ලාංකික කාන්තාව ගැන තොරතුරක් දන්නා අයෙක් සිටී නම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට වහා දැනුම් දෙන්නැයි එම අමාත්‍යාංශය මහජනාතාවගෙන් ඉල්ලා සිටී.

ගිරිඋල්ල,මැද්දෙපොළ, ගුරුහල්ගොඩ අංක 256 දරණ ලිපිනයේ පදිංචිව සිටි මියගිය කාන්තාවගේ ජාතික හැඳුනුම්පත් අංකය 665164039ඩ වන අතර ,විදෙස් ගමන් බලපත‍්‍රයේ අංකය භ 4290558 වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මෙම කාන්තාව ගැන තොරතුරක් දන්නා අයෙක් හෝ ළඟම ඥාතීන් සිටී නම් කොළඹ 01 , සර් බාරොන් ජයතිලක මාවතේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ  කොන්සියුලර් අංශයට පැමිණ හෝ නැතහොත් 011/2437635 සහ 011/2335940 යන දුරකථන අංකයන්ට කථා කොට දන්වන ලෙස එම අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි.



අදහස් (0)

සෞදියේදී මියගිය කතගේ තොරතුරු හොයයි

ඇසළ Monday, 21 December 2015 05:38 AM

ලෝකයේම වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්න රට ඉන්දුනිසියාවත් සවුදියට කාන්තවන් යවන එක තහනම් කරානම් ඇයි අපිට බැරි ඒක කරන්න. (ම)

:       0       0

ඉෂිතා Monday, 21 December 2015 07:28 AM

කාන්තාවගේ විස්තර දන්නා එකේ මොනවටද පත්තර වල දැන්වීම් දාන්නේ. ඔය නිලදරියෙකුට ඔය කියන ලිපිනය හොයාගෙන යන්න බැරිද. ඔෆිස් ඇතුලේ ඉදන් ප්‍රශ්න විසදන්ට බැ. (කෞ)

:       0       0

මහින්ද සෞදි Sunday, 20 December 2015 07:00 PM

අපේම ලංකාවේ සහෝදරියක් මෙවැනි අවාසනාවන්ත ලෙස මියයාම ගැන මා ඉතාම කණගාටුවෙමි.සෞදියේ මිනීමැරුම් ගැන සෙවීම එතරම් ලෙහෙසි කාර්යයක් නෙමෙයි. මෙහෙ පයින් යන උදවිය හරිම අඩුයි. ගෙවල් ඇතුළේ මොනවා වෙනවද පිටතට දැනෙන්නෙම. නිතරම ගේට්ටු වහගෙනයි ඉන්නේ. කෙසේ හෝ මෙය හෙළිවේවායි මා ප්‍රාර්ථනා කරනවා. මෙයට හොඳම විසඳුම මෙහෙට කාන්තාවන් එවීම නතරකිරීමයි. (නි)

:       0       0

උපේන්ද්‍ර Monday, 21 December 2015 02:44 AM

මැදපෙරදිගට කාන්තාවන් ගෘහ සේවය සඳහා යවනවිට සහ ගියාට පසු විමසීම් කළ හැකි නිසි ක්‍රමයක් හදන්න රජය මැදිහත්වීම වටිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site