IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස්ථිර - කොන්ත්‍රාත් 6000ක් ස්ථිර කරන්න අවධානය

(අංජුල මහික වීරරත්න)

ස්ථීර පත්වීම් නොලබා දැනට රාජ්‍ය ආයතන වල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000 කට ආසන්න පිරිස ස්ථිර කිරීමේ පොදු තීන්දුවක් ගැනීමට කරුණු සලකා බලන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය  සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) තනතුර සදහා 640 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම පත්වීම් ලිපි ලබාදීම සිදුකෙරිණි.

අදාල සේවකයන් ගැටළුව ද කඩිනමින් නිරාකරණය කර ගත හැකි වනු ඇති බවට  විශ්වාසය පළ කළ අමාත්‍යවරයා ඒ අනුව දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය  සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) පිරිසට පත්වීම් ලබා දී අවසන් කළ හැකි වනු ඇති බව ද සඳහන් කළේ ය. 

රාජ්‍ය සේවාවට අනවශ්‍ය ලෙස බඳවා ගැනීම් සිදු නොකරනවා මෙන් ම දැනට බඳවා ගෙන සිටින රාජ්‍ය සේවකයින් ට අවශ්‍ය වෘත්තීමය පුහුණුව සහ දැනුම ලබා දී ඔවුන් යාවත්කාලීන කීරීමේ වගකීම රජය බාර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

ස්ථිර - කොන්ත්‍රාත් 6000ක් ස්ථිර කරන්න අවධානය

Asela Wednesday, 04 June 2025 02:50 PM

මේ අකාර්යක්ෂම පාලනයේ තියෙන මෝඩම සහ පිස්සු වැඩක් තමයි දුප්පත් බදු ගෙවන්නන්ගේ වියදමින් හැමෝම රජයේ අයවැයට අවශෝෂණය කර ගැනීම. මේක මහින්ද, ගෝඨා සහ රනිල් විසින් නරක විදිහට කළා. දැන් අනුර පාලනය විසින්. අපි කවදා ඉගෙන ගනීවිද? නමුත්, බලන්න, මේ දේශය "සමෘද්ධිමත් හා ලස්සන රටක්" බවට පත් කරන්නේ කොහොමද කියලා උගන්නන රජයේ පණ්ඩිතයෝ අපිට ඉන්නවා. වෙන කිසිම දෙයක් නැතුව බදු මත පදනම් වූ රටක්. හැම අස්සක්, මුල්ලක් නෑරම නිකම්ම නිකම් කතා....

:       2       6

PGPTHILAK Wednesday, 04 June 2025 03:04 PM

හැම ආණ්ඩුවක්ම කළා වගේ නිෂ්පාදන ආර්ථිකය සුපිරියටම ගොඩ කරන්නයි හදන්නේ...! අනේ අපේ රටට ගැලවීමක් පේන තෙක් මානයේ නෑ...! දෙවියන්ගේ පිහිට විතරයි...!

:       2       8

ඇන්ඩ්රු-npp Wednesday, 04 June 2025 03:39 PM

මේවා දේශපාලන පත්වීම් නෙමෙයි. කඩේ ගිය අයට දෙන සහන. ඉන්න රජයේ සේවකයෝත් බරක් වුණු රටකට අනේ මන්දා...

:       2       6

ගුණරත්න Wednesday, 04 June 2025 05:27 PM

මේ පාණ්ඩුව කළොත් ඔහොම මොංගල් වැඩක්ම තමයි කරන්නේ...

:       2       3

ගුණරත්න Wednesday, 04 June 2025 05:28 PM

දැන් බලාගෙන යනකොට නීතිය නොවේ පොලිස්සියේ අය තමයි අන්ධ... පොලිසි ඇමැතියා ගැන නම් කියලා වැඩක් නැහැ..

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 179 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site