පසුගිය සිව් මාසයේදී නුවරඑළියේදී වැඩුණු දිවියන් සිව් දෙනකු දඩයකකරුවන්ගේ මන්දට හසුවීමෙන් මියගිය බව වනජීවී නිලධරයෝ කියති.
පැන්තරා පාදුස් කොටියා නමින් හැඳින්වෙන මෙම දිවියන්ගේ නිජබිම හෝටන්තැන්න විය හැකි බවත් එහි දිවි ගහනය 50 ක් පමණ වන බවත් ඔවුහු කියති.
ශ්‍රී ලංකාවේ දිවියා වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්වයෙකි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීත රටේ දිවියන්ටත් අපලයක්
නුවන් Monday, 28 September 2015 06:36 AM
කොටින්ට අපලයි මේකාලේ . කැලේ යන්නේ බලාගෙනයි රාලේ (අ)
දස්තකීර් Monday, 28 September 2015 07:04 AM
මද්ද අටවන්නන් නීතියේ රෑනටගෙන. දැඩි දඩ සහිත සිරදඬුවම් ලබා දිය යුතුයි . මෙම කිරියාවෙන් මිනිස් ජීවිතත් නැති වී ඇති නිසාවෙන් (අ)
ජානක Monday, 28 September 2015 07:06 AM
ලංකාව බෞද්ද රටක්ද කියල හිතෙනවා. (අ)
හිරාන් Monday, 28 September 2015 07:17 AM
කොටි මරණ එකවත් මන්දට දල ඉවර කරන්න ඕන (අ)
ධර්ම ජයවික්‍රම Monday, 28 September 2015 07:20 AM
වන සතෙකුට තබා අහිංසක දරු පැටියකුට නිදහස අහිමි කරන මිනිසුන් ඉන්න රටක සීතලට උගුල් අටවන එක අරුමයක් නොවෙයි. (අ)
ඩෝසන් Tuesday, 29 September 2015 12:42 AM
හැරිස් වෙත, කොටියා කියා සතෙක් නැත. ඔබ කොටියා කියන්නේ සිංහලෙන් දිවියාට. ඒ කියන්නේ පුල්ලි තිබෙන සතාට. ඉරි තිබෙන සතා ව්‍යාඝ්‍රයා ලෙස හඳුන්වයි. වසර 7ක් මම දකුණු අප්‍රිකාවේ සේවය කළෙමි. (නි)
ඩෝසන් Monday, 28 September 2015 08:00 AM
කොහොමත් කිතුලට නැගපු මිනිහ කිවුවලු හරකට තණකොළ කපාගන්න කිතුලට නැග්ග කියල. ඇරත් හෝටන්තැන්නේ කොහේ නිතියෙන්ද අවසර මන්ද ගහන්න. වැරදුන පොඩි මිනිසුන්ට විතරනේ ඔය නීති. කොටියාගේ හමට දත් වලට මොනවයින් මොකක් වේවිදෝ ? (අ)
විජයබාහු Monday, 28 September 2015 08:24 AM
නුවන් කොටින්ටනම් ඉහෙන් බහින අපලයක් නැ. උන්ට මේ කලේ තරම වාසි කාලයක් කවදාවත් තිබ්බේ නැ. හැබැයි දිවියන්ට නම් අපලයි වගේ (අ)
දුමින්ද Monday, 28 September 2015 08:36 AM
පරිසරයට ගහට-කොළට සතා සීපාවට යහපාලනය කවදා උදාවෙවිද (හේ)
උදය Monday, 28 September 2015 10:34 AM
ලජ්ජා නැතිව වන ජීවී එකේ අය කියන හැටි සත්තු 4ක් මරුන කියල. මේ සතත් මැරිලා තියෙන්නේ කැලේ අටවපු මන්දකට. ඔය වනජීවී මහත්වරුන්ට බැරි මොකද අප්පා රට රෑට රෑට කැලේට ගිහින් පොඩ්ඩක් බලන්න කැලේ ඇතුලේ මොනවද වෙන්නේ කියල.දඩයක් කාරයොන්ට යන්න පුලුවන්නම් මේ කට්ටියටත් පුළුවන් වෙන්න එපැය් මේ වැඩේ. (අ)
අංජන Monday, 28 September 2015 11:18 AM
පැන්තරා පාදුස් කොටියාට කොටියා නොකියා දිවියා කියන්නේ ඇයි ? (බ)
මඩුල්ල Monday, 28 September 2015 12:59 PM
වන ජීවි එකෙන් අල්ලන්නේ දර ටිකක් කපන්න කැලේට ගියොත් තමා (අ)
හැරිස් Monday, 28 September 2015 02:47 PM
වනජීවී මහත්වරුනේ ඔයාලා ඇහැගහගෙන ඉන්න. නැත්නම් අපේ රටේ සුන්දරත්වය ඔය කාලකණ්ණි උදුරලා දාවි. උන්ට ඉඩ දෙන්න එපා ඔය තුවක්කුවෙන් බැඅරිනම් හොර තුවක්කුවකින් හරි ඔය වගේ අලුගුත්තේරුවෝ ඉවර කරන්න ඕනමයි අහිංසක වනසත්වයින්ට කරදර කරන අය ඉවර වේවා. මට උන්ට කියන්න තියෙන්නේ උන්ගේ දෙමාපියෝ මරණව වගේ වැඩක් ඕක (බ)