IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සතොසට දිනකට පොල් ලක්‍ෂ 2 ක්

(යොහාන් භාසුර)

සතොස හරහා දිනකට අළෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්‍ෂ දෙකක් දක්වා හෙට (9) සිට වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

රජය සතු පොල් ඉඩම්වල පොල් මෙසේ සතොස හරහා අළෙවි කරන බවත් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජනතාවට සතොසෙන් පොල් මිලදීගත හැකි බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (9)

සතොසට දිනකට පොල් ලක්‍ෂ 2 ක්

රුවන් Sunday, 08 December 2024 10:42 AM

මම ඉන්න ඇමරිකාවේ ෆ්ලොරීඩා වල අපේ ගෙදරත් පොල් ගස් දෙකක් තියෙනවා. ගොඩක් අය ගෙවතු අලංකරණයට පොල් ගස් හිටවනවා. ලංකාවේ අය හිටවන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති ගස්. මෙහේ පොල් වතුර වෙනම බොනවා. සුපර්මාකට් වල මාරම ජනප්‍රියයි.

:       2       13

Lalla Sunday, 08 December 2024 10:58 AM

දැනට පවතින කුරුමිනි වසංගතය රිලා දඬුලේන් ඉත්තෑ වසංගත පාලනය කිරීමට රජය මැදිහත් නොවුණොත් අනාගතේ පොල් කෑම අමතක කරන්න වෙනවා..

:       2       10

pj Sunday, 08 December 2024 11:08 AM

ඒ කියන්නේ සතොස ශාඛාවකට පොල් 455 ක්... මහාචාර්ය කට්ටලය හිතන්නේ මේ ඇති කියලද? මාසයකට පොල් හැට ලක්ෂයක් සපයන්න හැකියාව සතොස සතුද?

:       10       3

සෙනෙවිරත්න Sunday, 08 December 2024 12:30 PM

රජය සතුව තිබු වී ගබඩා වල් වැදීමට ඉඩහැර, රජය වී ඇටයක් මිලයට නොගෙන, එම වී මහ මෝල් හිමියන් අතට පත්කරීමට ඉඩ සැලසූ පැවැති රජයන් පත්කීරීමට ඡන්දය දුන් සීමිත පිරිසක් එම තත්වය දැන දැනම සහල් මිල ගැන රජයට දොස් තබයි. සාමාන්‍ය ජනයා තත්වය වටහාගෙන ඇත. පොල්වල තත්වයද එසේමය. රජයේ සතු සීමිත පොල් අස්වැන්න මෙසේ බෙදා හැරීම ප්‍රශංසා කටයුතුයි. කෙනෙකුට මෙය පෝලිම් ලෙස සිනාසිය හැකි නමුත් ඔවුන්ගේ හිටපු පාලකයින් කළ අමන වැඩවල තවත් ප්‍රතිඵලයකි...

:       7       15

karolisSunday, 08 December 2024 02:43 PM

පොල් ලක්ෂ 2 ඇති වෙයි... මොකද සෙනෙවිරත්න ඇතුළු 69 ලක්ෂයක්ම කන්නේ තණකොළනේ...

:       6       9

pjSunday, 08 December 2024 03:03 PM

ලොක්කා කෘෂි ඇමැති කාලෙත් ඔය කියන ප්‍රධාන මෝල් හිමියා සමග තිබූ කිට්ටු සම්බන්ධය රහසක් නොවේ...

:       6       7

pjMonday, 09 December 2024 04:07 AM

පෙර පැවැති රජයන්ගේ ක්‍රියාවන්ට වඩා පවතින රජයේ නොහැකියාව ඉස්මතු වී තිබෙන්නේ 2/3 බලයක් තිබිලත් ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොමැති හෙයිනි. වී ගැන හොයන්න තිබුණු කාලය වී8 ගැන හොයන්න යෙදවූ විට ලැබෙන ප්‍රතිඵල තමයි මේ. උදාහරන ඕනෑතරම්... මහජන සේවාව කයිවාරු තරම් පහසු නැත.

:       0       1

Tasi Sunday, 08 December 2024 02:53 PM

ඉස්සර නම් මේ වගේ දේවල් වලට උපදෙස් ගන්න හිටිය සියල්ල දත් සහෝදරවරු ටිකක්...

:       1       7

සෙනෙවිරත්න Sunday, 08 December 2024 03:17 PM

අපි රටින් පොල් ගෙන්වමු නේද? ප්‍රමාණවත් නැත්නම් වෙන මොනවා කරන්නද?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site