IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සත්ව සංගණනයේ තොරතුරු එළියට

(යොහාන් භාසුර)

මෙරට ගොවිබිම් සහ ගෙවතු ආශිතව රිලවුන් මිලියන 5.17 ක් ලක්‍ෂ 50 කට අධික සංඛ්‍යාවක් සහ වඳුරන් මිලියන 1.74 ක් හෙවත් ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් සත්ව සංගණනයේදී හෙළි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.  

දඬු ලේනන් මිලියන 2.66 ක් හෙවත් ලක්‍ෂ 30 කට ආසන්න සංඛ්‍යාවක් සහ මොණරුන් මිලියන 4.24 ක් හෙවත් ලක්‍ෂ 40 කට අධික සංඛ්‍යාවක් සිටින බවත් එම නිලධාරියා කීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කිරීමට නියමිත සත්ව සංඝණන වාර්තාවෙන් මෙම තොරතුරු හෙළි වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (11)

සත්ව සංගණනයේ තොරතුරු එළියට

යෝගා Thursday, 12 June 2025 01:49 PM

මේවා පට්ටපල් බොරු සංඛ්‍යා. මේ ගණන ආපු හැටි පුලුවන් නම් රටට කියන්න. අසාර්ථක සංගණනයක් කරලා වෙච්ච ලැජ්ජාවෙන් බේරෙන්න මොනවා හරි බොරුවක් ගොතලා කියනවා. මණුවර්නගේ රිලා දුපත වගේ මොට්ට කතාවක් මේක.

:       12       13

සමන් - ඕමානය Thursday, 12 June 2025 02:02 PM

ඉතින් ඕක විතරක් කියලා මදිනේ (රිලා) ඇමති තුමෝ, අපි බලාපොරොත්තු වෙන්නේ ඕකට විසඳුමක් නේ!

:       5       13

ගුණරත්න Thursday, 12 June 2025 02:03 PM

දැන් ඔය සංඛ්‍යා ලේඛණ තියාගෙන මොකක්ද කරන්න හිතන් ඉන්නේ? කලින් කියුවා දූපතකට දානව කියල. තව එකෙක් කියුවා ව්‍යන්ධ කරනවා කියල, එත් ඒ ගැන දැන් සද්දයක් නැහැ,

:       11       12

රුවන් Thursday, 12 June 2025 02:20 PM

මම දන්න National Geographic චැනල් එකේ සත්ව විද්‍යාඥයෙක්ගෙන් ඇහුව්වම කිව්වා ඔයා එකතු කරාම බස්නාහිර පළාතේ ජනගහනය තරම් වදුරෝ ඉන්න විදියක් නෑ. අනික මේක සංගණනය කරලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු, ඒ අය වදුරේ 1ට 5ක් කියලා දාන්නත් ඇති. අනික ජපානයේ අධික ජනගහනයක් ඉන්න ජපන් රිලව් වත් ලක්ෂ 2ක් නෑලු.

:       2       11

කුකුල් චමින්ද Thursday, 12 June 2025 02:46 PM

වසර 76 ක තක්කඩි පාලනයට කඩේයන, රටගැන අබමල් රේණුවක් තරම්වත් හැඟීමක් නැති, බත්කන හරක් කොච්චරක් ඉන්නවා කියලා ඔය වාර්තාවේ නැද්ද?

:       11       16

යෝගාThursday, 12 June 2025 04:07 PM

බත් කන හරක් සේරම වගේ පැලවත්තට ගාල් වෙලාලු. උන්ට අපුල්ලන්නයි, තප්පුලන්නයි පඩියකුත් ගෙවනවලු..

:       15       16

ජගත් ලියනගේ Thursday, 12 June 2025 04:28 PM

ලංකාවේ බහුතරයක් බුද්ධාගමේ බව සත්‍යයකි. සංගනනයට අනුව පෙනී යන්නේ මෙම සතුන් පාලනය කල යුතු බවයි. නැතහොත්, මිනිස් පරිභොජනයට ගන්නා බව භොග විශාල ලෙස හානියකට පත් වනු ඇත.

:       4       11

කුකුල් චමින්ද Thursday, 12 June 2025 09:05 PM

ඔක්කොටම කලියෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස, යෝගා ඩෝබියි, ගුණපාලයයි වන්ද්‍යාකරණය කරලා බලන්න ඕන වැඩේ ටක්කෙටම හරියනවද කියලා.

:       1       5

Sumith Friday, 13 June 2025 12:17 AM

මෝඩ කුකුල් හොරා

:       5       1

රුවන් Friday, 13 June 2025 02:09 PM

යෝගා නම් දැනටම වඳ කරලා ලු.

:       1       2

prasanna Friday, 13 June 2025 03:54 PM

76 වසරක් තුළ ගිනි තියපු බස් ගණන, ට්‍රාන්ස්ෆෝමර් ගණන, මරපු මිනිස්සු ගණන, කඩපු බැංකු ගණන, හොරාගත්තු රත්රන් කිලෝ ගණන නැද්ද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site