(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ හේතු මත මෙරට සත්ව ගොවිපළවල් 14,000ක් පසුගිය කාලයේදී වැසී ගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.
මෙසේ වැසී ගොස් ඇති ගොවිපළවල් අතරින් බහුතරයක් කුඩා පරිමාණයේ ඒවා බව කෝපා කමිටුව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් පවසන්නේ සත්ව සොරකම් වැඩිවීම හේතුවෙන් ගොවිපළවල් රැසක් වැසී ගොස් ඇති බවයි.
එය පිළිගත නොහැකි හේතුවක් බව පැවසූ කෝපා කමිටුව ගවයන් සඳහා අවශ්‍ය තෘණ භූමි විනාශ වීම සහ ඉඩම් ආශ්‍රිත ගැටලුද මේ සඳහා ඉවහල්වී ඇති බව ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පැහැදිලි දත්ත පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බව කමිටුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
ඉඔලුදණ්ඩ සහ තෙලහැර එළු අභිජනන මධ්‍යස්ථානවලට ඕස්ට්‍රේලියාවෙන් නාන අයනය කෙරුණු එළුවන් එකසිය හතර දෙනකු මිය යෑමේ සිද්ධිය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.
ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වහා ලබා දෙන ලෙස කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේය.
මිල් කෝ සමාගමට දෛනිකව ලැබුණු කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.
කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන්ද කෝපා කමිටුවේ අවධානය යොමුවිය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 11 වැනිදා රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සත්ව ගොවිපළවල් 14,000ක් කොට උඩ
Amal Friday, 19 January 2024 04:36 PM
දියවන්නාවේ තියෙන සත්ව ගොවිපළත් දැන් වැටඋඩ... තව ටික දවසකින් කොටඋඩ...!!!