IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත

(අංජුල මහික වීරරත්න)

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී  පැවැත්විණි .

මෙම උත්සව මාලාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් සපයන ලෙස සිතුල්පව්ව රජ මහා විහාරයේ සහ තිස්සමහාරාම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළහ.

විශේෂයෙන්ම කතරගම සිට සිතුල්පව්ව දක්වා මාර්ගය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සිතුල්පව්ව විහාරාධිකාරී ලෙල්වල සමිත හිමියෝ මෙහිදී ඉල්ලා සිටියහ.

ඒ අනුව, සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථානවල පැවැත්වීමට නියමිත පොසොන් පින්කම් මාලාව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

තිස්සමහාරාම විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් සිල්වා යන මහත්වරු සහ අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 206 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site