IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සතුන් වෙනුවෙන් ඇකඩමියක්

(අංජුල මහික වීරරත්න)

සත්ව සංරක්ෂණය හා සත්ව උද්‍යාන කළමණාකරණය පිළිබඳව ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

දැනට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, හස්ථි බාරකරුවන්, මත්ස්‍යාගාර උපස්ථායකවරුන් සත්ව බාරකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 800ක් පමණ සිටියද ඔවුන්ට වැඩිදුර පුහුණුව සඳහා විදිමත් ආයතනයක් නොමැති බව අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම පසුගිය කාලය තුළ චීනය, ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ඉන්දියාව, ලැට්වියාව,  චෙකොස්ලොවේකියාව, පකිස්ථානය, මැලේසියාව හා මහා බ්‍රිතාන්‍ය වැනි රටවල්වලින් විදේශ ශිෂ්‍ය කණ්ඩායම් 300ක් පමණ වනසත්ව සංරක්ෂණය හා සත්වෝද්‍යාන කළමනාකරණය පිළිබඳ පුහුණුව ලබා ගැනීම සඳහා මෙරටට පැමිණ තිබේ.

 සත්ව සංරක්ෂණයට හා  සත්ව උද්‍යාන කළමනාකරණය සදහා මෙතෙක් ජාතික ඇකඩමියක් නොමැතිකම බරපතල අඩුපාඩුවක්  බව පෙනී ගොස් ඇති නිසා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන දෙස් විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබා දිය හැකි සත්ව සංරක්ෂණ හා සත්ව උද්‍යාන කළමනාකරණය පිළිබඳ ජාතික අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී  හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සත්ව සංරක්ෂණ ඇකඩමිය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වනජීවී  හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.  අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පවසන්නේ මෙහි දෙස් විදෙස් සිසුන් රැසකට අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කර තිබෙන බවයි. 



අදහස් (0)

සතුන් වෙනුවෙන් ඇකඩමියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site