IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සත්කාරයෙන් පැරදුණත් ශ්‍රී ලංකාවට ප‍්‍රතිලාභ රැසක් ලැබුණා - අජිත් නිවාඞ් කබ්රාල්

වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීයක‍්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීමේ ලංසුව ඉදිරිපත් කිරීමේ කටයුත්තදක්වා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 800 ක්වැය වු බවත්, ඉන් රුපියල් මිලියන 700 ක්පෞද්ගලික අංශයෙන් දුන් බවත්‘හම්බන්තොට’ 2018 සංවිධායක කමිටුවේසභාපති හා මහ බැංකු අධිපති අජිත්නිවාඞ් කබ්රාල් මහතා පැවසීය. මේවෙනුවෙන් රජයෙන් වැය වුයේ රුපියල්මිලියන 100 ක් හෙවත් මුළු වියදමෙන්අටෙන් එකක් පමණක් බවත් ඔහු පැවසීය.කබ්රාල් මහතා මේ බව පැවසුවේසත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවීමසම්බන්‍ධව සංවිධායක කමිටුවට නැගෙනචෝදනා පිළිබඳව කරුණු දැක්වීමවෙනුවෙන් කොළඹ මහ බැංකුමුලස්ථානයේදී ඊයේ (15) පැවැතිපුවත්පත් සාකච්ඡාවකදීය.සත්කාරකත්වය ලබා ගැනීමටනොහැකි වුවත් ප‍්‍රතිලාබ රැුසක් ශ්‍රීලංකාවට හිමිකර ගැනීමේ අවස්ථාවඡන්ද සටනට එළැඹීමෙන් ලබා ගැනීමටහැකි වු බවද කබ්රාල් මහතා මාධ්‍යහමුවේදී පැවසීය.‘‘අපි ඉදිරිපත් කළ සැලැස්මේදුර්වලතාවක් තිබුණේ නැහැ. එහිවැරැද්දක් තිබේ නම් වැරැද්ද පෙන්වා දීයෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාවතිබෙනවා. ඕනෑම ඡන්දයකදී ජය පරාජයදෙපැත්තක් තිබෙනවා. කෙසේ හෝ වැඩිඡන්ද ගණනක්  ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කොස්ට් නගරයට හිමි වුණා යැයිදකබ්රාල් මහතා පවසයි.ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවට ශ්‍රීලංකාවෙන් සහභාගි වු පිරිස අතර ඡන්දව්‍යාපාරය දිනා ගත හැකි පිරිසක්සහභාගිවුයේ දැයි මේ වන විටක්‍ෂේත‍්‍රයේ කතා බහට ලක්ව තිබේ. එහිදීපේ‍්‍රමා පින්නවලමහතා වැනිජාත්‍යන්තර කී‍්‍රඩාක්‍ෂේත‍්‍රයේ අවධානයදිනු නිලධාරීන්සහභාගිවුයේ නම්මීට වැඩියෙන් ඡුන්දලබා ගැනීමේඅවස්ථාව ශ්‍රී ලංකාවටහිමි ව තිබුණානොවේදැයි මාධ්‍යහමුවේදී ප‍්‍රශ්නයක්යොමු විය.පින්නවල මහතානිසාත් ඡුන්දලැබෙන්න ඇති. ඒඅවස්ථාවට සහභාගිවු තවත් පුද්ගලයන්නිසාත් ශ්‍රී ලංකාවට ඡන්දය ලැබුණා.ලංකාවේ පවතින වත්මන් ස්වභාවයත්ඡන්දය ලැබීමට බලපෑ බව කබ්රාල්මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.සත්කාරකත්වය දිනාගැනීමේ ඡුන්දවිමසීමේදී ශ්‍රී ලංකාවට සහය ලබාගැනීමේ ප‍්‍රවර්ධන කටයුතු වලට 130 කටආසන්න පිරිසක් ශාන්ත කිට් දූපත්වලටගියද, ඒ සඳහා  ඕස්ටේ‍්‍රලියාවෙන් සහභාගිවුයේ විස්සක කණ්ඩායමක් බවට පළ වුවාර්තා වැරැදි බව මහ බැංකුඅධිපතිවරයා පවසයි. ‘ ඕස්ටේ‍්‍රලියාවෙන් පැමිණ සිටිකණ්ඩායම දැක්කේ අපිනේ.ක්වින්ස්ලන්ත අගමැතිනිය ඇතුළු 80 කටආසන්න කණ්ඩායමක් සහභාගිවී සිටියායැයි’ ඔහු පැවසීය.ක‍්‍රීඩා ඇමැති මහින්දානන්දඅලූත්ගමගේ මහතා මාධ්‍ය හමුවේදීපැවසුවේ රජයෙන් පොදුරද මඬුළු ක‍්‍රීඩාඡන්ද ව්‍යාපාරය සඳහා ලබා දුන් රුපියල්මිලියන 100 ක මුදලින් රුපියල් මිලියන40 ක මුදලක් හම්බන්තොට පැවැතිවෙරළ ක‍්‍රීඩා උළෙල සංවිධානය කිරීමට දයොදාගත් බවයි.‘‘අපි 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීයක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් සත් අවුරුදුක‍්‍රීඩා සැලැස්මක් ඉදිරිපත් කළා. එමසංවර්ධන සැලැස්ම ඒ අයුරින්මඅමාත්‍යංශය මගින් ඉදිරියටත් සිදුකරනවා. බලවත් රටවල් දකුණු ආසියානුරටවල් කෙරෙහි බලන ආකාරයපොදුරාජ්‍යය මණ්ඩලයීය ක‍්‍රීඩාසංවිධායකවරුන් පවා දෙවරක් හිතන්න ඕනෑ යැයි එහිදී අනාවරණය වුණායැයිද’’ අලූත්ගමගේ මහතා පැවසීය.2016 වසරේදී දකුණු ආසියානු ක‍්‍රීඩාඋළෙල පැවැත්වීමේ අවස්ථාව ශ්‍රීලංකාවට හිමිව තිබෙන බවත්, ලබනවසරේදී ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩාතරගාවලිය පැවැත්වීමට කටයුතු යොදාඇති බැවින් ඒ වෙනුවෙන් කටයුතුකිරීමට දැන් කාලය එළැඹ ඇතැයිදඇමතිවරයා වැඩි දුරටත් පැවසීය. මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්..... ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාද සිටියි.



අදහස් (0)

සත්කාරයෙන් පැරදුණත් ශ්‍රී ලංකාවට ප‍්‍රතිලාභ රැසක් ලැබුණා - අජිත් නිවාඞ් කබ්රාල්

Chinthaka Wednesday, 16 November 2011 12:03 PM

තරඟ කල රටවල් වලින් ආ දුත කණ්ඩායම් වල පිරිසෙන් ඡන්දය ගත්තනම් අපට දිනන්න තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site