IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සත්කාරත්වයේ වාසියත් සමග අවසන් පූර්ව තරගයට එනවා

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම ලොකු වාසියක් බවත් සත්කාර පිල හැටියට පළමුවෙන්ම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වන බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන පැවසුවාය. තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර හෙට (26) පෙරවරු 9.30 සිට ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී අද (25) පෙරවරුවේ පැවැති අවසන් පුහුණු සැසියෙන් පසුව ‘ලංකාදීප’යට අදහස් දක්වමින් ශෂිකලා මෙසේ ද පැවසුවාය. ”ලෝක කුසලාන වෙනුවෙන් කණ්ඩායමක් හැටියට මාස එකහමාරක් පමණ විශේෂ පුහුණුවක් ලැබුවා. එහිදී පුහුණු තරග රැුසකට සහභාගිවීමෙන් මානසිකව සහ ශාරීරිකව හො`ද තත්ත්වයක ඉන්නවා. අපි දකුණු අප‍්‍රිකාවට එරෙහිව විස්සයි20 තරගය ජයග‍්‍රහණය කර තිබෙන නිසා ඔවුන්ගේ දුර්වලතා සහ හැකියාවන් පිළිබ`දව හො`ද අවබෝධයකින් යුතුව පළමු තරගයට සූදානමින් සිටිනවා” පළමු වටයේදී  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, එංගගන්තය සහ පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයේ ද, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව ‘බී’ කාණ්ඩයේ ද තරග කරයි. කණ්ඩායම් අටක් තරග කරන පළමු වටයේ තරග ඔක්තෝබර් මස 1 වැනිදා අවසන් වේ. අවසන් පූර්ව තරග ඔක්තෝබර් මස 4 සහ 5 දෙදින සහ අවසන් මහ තරගය ඔක්තෝබර් මස 7 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.



අදහස් (0)

සත්කාරත්වයේ වාසියත් සමග අවසන් පූර්ව තරගයට එනවා

වරුණ Wednesday, 26 September 2012 07:45 AM

ඔහොම චාන්ස් එකක් වැදුනොත් තමයි.. නැත්නම් අක්කලා ටික හොයාගන්න නැති වේවි..(ස)

:       0       0

කුරේ නාවලගේ Wednesday, 26 September 2012 07:45 AM

ජය වේවා! උත්සාහය අත් නොහරින්න. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 26 September 2012 04:41 PM

කතා නවත්තලා වැඩ පෙන්නන්න. (නි)

:       0       0

දිලන්කා Wednesday, 26 September 2012 10:09 AM

අක්කලාට සුබ පැතුම් (ස)

:       0       0

දුමින්ද Wednesday, 26 September 2012 10:56 AM

අක්කලාට ජයනම් හොයාගන්න නැති වේවි.චාන්ස් එකක් වැදුනොත් තමයි.උත්සාහයත් අත් හරින්න එපා.අක්කලාට සුබ පැතුම්. (ස)

:       0       0

අමර Wednesday, 26 September 2012 11:21 AM

මෙහෙම කොහොමද "සත්කාර පිල හැටියට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වන්නේ" ? (http://www.espncricinfo.com/icc-womens-world-twenty20-2012/engine/match/533299.html) (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 270 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 756 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site