
(සුජිත් හේවාජුලිගේ)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් කෝට්ටේ කල්්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාව ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.
කෝට්ටේ කල්්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාව පෙරේදා(17) කෝට්ටේ රජ මහා විහාරයේදී රැස්විය
ඒ එම සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්රධානත්වයෙනි.
කොටපිටියේ රාහුල නාහිමියෝ සංඝ සභාවෙන් පසු මාධ්ය වෙත අදහස් දක්වමින් මෙසේද පැවසූහ.
අපේ සංඝ සභාව රැස්වුණේ ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. එතැන කතාවෙච්ච දේවල් මාධ්යයට එකවර කියන්න යන්නේ නෑ. උන්වහන්සේ සහ සමස්ත භික්ෂූන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි ඒ වගකීම අත්හරින්නේ නෑ.
සමස්ත බෞද්ධ ජනතාව සංස්කෘතිය සභ්යත්වය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපේ ස්ථාවරය අපි වෙනස් කළේ නැහැ. අපේ සංඝ සභාව ඒ තීරණය මත දිගටම ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චි පිස්ටන් එකක් පෙනානුවොත් අනුර බයවෙලා සමාව දෙනවා අනිවාර්යයෙන්ම.
අතඅරින්න එපා. බුදු හාමුදුරුවෝ කියල තියෙන විදියටම සටන් කරන්න. කාට කියන්නද මේවා ඉතිං
සාදු පන්සිල් රකින අය උද්ඝෝෂණය ට එවන්න...
කුගීත වෙලා ඉන්නේ නේද
සංස්කෘතික බව සහ සභ්යත්වය අපි හොඳටම දැක්කා.
සඟ සභාව නොමග යවන්න උත්සහා කෙරුවට වැඩේ හරි ගිහිල්ල නැහැ වගෙයි, තනියම සටන ගෙනියන්න වෙනවා අපේ හාන්දුවනේ !
හයියෙන් අල්ලගෙන ඉන්න හොඳේ, නිකන් කන පිං ගුත්තරයෝ.
මිනිස්සු කහ සිවුරට මෙච්චර කල් ගරුකලා. දානේ දුන්නා. තොපි වගේ සංග පාතාලය කරගන්න හදන්නේ දානේ ටිකත් නැති කරගෙන, මිනිස්සු වැදගත් හාමුදුරුවනුටත් ගරු කරන ඒක නවත්තලා දා ගන්නයි. මිනිස්සු මෙච්ර කල් ගවුරව කලේ තොපිට නෙවෙයි බොලව්, චීවරයට. දැන් තොපේ නොමතනත් කම් හිංදා ඒකත් නැති වෙනවා. අපරාදේ ඇත්තම හාමුදුරුවරුත් මිනිස්සුන්ට එපා වෙනවා තොපි වගේ වසලයෝ නිසා
අවිචාරවත් චීවරධාරීන් මුලු සංඝරත්නය හෑල්ලුවට ලක්වන අන්දමට හැසිරීම කණගාටුදායක තත්ත්වයක්. පූජ්ය පක්ෂය වූවත් රටේ නීතියට යටත්.
ඔය ගොල්ල කරන වැඩෙන් වෙන්නේ නියම භික්ෂුන් වහන්සේ කෙනෙකුට අසාධාරනයක් උනත් කිසි කෙනෙක් ඉදිරිපත් නොවෙන එක .
ප්රඥාව නැතුව බුදු දහම අවබෝධ කරගන්න බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු නිකම් සිවුරුකාරයෝ විතරයි. පොඩි මොළයක් හරි තියෙනවා නම් මේ මිනිස්සුන්ට වඳින්න යන්න එපා. සිවුරට ගරු කරන්න ඕනේ නම් අටපිරිකරක් ගෙදරදී බුදු හාමුදුරුවන්ට පූජා කරලා පුද සත්කාර කරන්න. අනික සටන අත්හරින්නේ නැත්නම්, රටේ තියෙන නීතිය අනුව කටයුතු කරන්න, පිස්සෙක් වගේ කෑගහන්නේ නැතුව.
නීතිය අතට ගන්න හදන සංඝ පාතාලයට ළඟදීම හොඳ කෑමක් හම්බවෙනවා ෂුවර්.
අදිකරණ තීන්දු වෙනස් කරන්න බෑ තනි පුද්ගලයෙකුට හෝ රජයට. අවශ නම් තීරණ වලට විරුද්දව නඩු දාන්න.
ආගම විනාශකිරීම සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව මොවුන්ට පාඩමක් කියාදිය යුතුයි.