
(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී ඉල්ලීමක් කර ඇත.
මේ අනුව කතානායකවරයා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පසුගිය 12 වැනිදා කැඳවා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
කෙසේ වෙතත් එවැනි තර්ජනයක් ගැන තමාට වාර්තා වී නැතැයි පොලිස්පතිවරයා එහිදී පැවසූ බව දැනගන්නට ඇත.
මේ අවස්ථාවේදී කරුණු දක්වා ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී සමහරුන් එදා ප්‍රකාශ කළේද මෙවැනි කතා බව ප්‍රකාශ කර ඇත.
මෙම තර්ජනය ගැන දැන ගන්නට ලැබීමෙන් පසු විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට ලිපි කිහිපයක් පසුගිය කාලයේදී යොමු කර ඇතත් ඒවාට පිළිතුරක් හෝ නොලැබුණු බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්දියාවේ ගුජරාටියේදී අත්අඩංගුවට ගත් අයිඑස් ත්‍රස්තයන් පිරිසක් විපක්ෂ නායකවරයාට ඇති මෙම තර්ජනය ගැන අනාවරණය කර තිබූ බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම තර්ජනය සම්බන්ධයෙන් සොයා බලා විපක්ෂ නායකවරයාට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන්නැයි අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
විපක්ෂ නායකවරයාට ඇති තර්ජනය පිළිබඳව වාර්තාවක් වහාම කැඳවා ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පතිවරයා එහිදී දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
දැන් දැන් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල ලිපියක් ලියන්න දන්න කිසිම කෙනෙක් නැහැ. තුන්දා නීතිය හත්දා නීතිය කියන්නෙ මොකක්ද කියලවත් දන්න කෙනෙක් නැහැ. කාර්‍යාල පරිපාලනය සම්පූර්ණයෙන්ම බිද වැටිලා තියෙන්නෙ .ගෝඨාභය ජනාධිපති වුනාට පස්සෙ තමයි ආයතන සංග්‍රහයේ ලිපියක් ලියන්න අවශ්‍ය ආකාරය දක්වා තිබුනත් ඒවා දන්න දෙපාර්තමේන්තු ප්‍රධානීන් වුනත් ඉතාමත් අඩුයි. මෑතකදී කෙනෙක් කිව්වා ඔහු අසනීප වෙලා නිවාඩු ඉල්ලුම් පත්‍රය හා වයිද්‍ය සහතිකය දුන්නම නිවාඩු ඉල්ලා ලිපියක් දෙන්නත් කිව්වලු .නිවාඩු ලැබූ අය ආයතන සංග්‍රහයේ එහෙම නැහැ කිව්වම ආයතන සංග්‍රහය කියන්නෙ මොකක්ද ඇහුවලු. ඔන්න ඔහොමයි වර්තමානයේ රජයේ සේවයේ තත්වය සජිත් මැතිතුමා ජනාධිපති වුනාම වත් රජයේ සේවය කාර්‍යක්ෂමතාවය ඇතිකරාවි කියලා අපි බලාපොරොත්තුව ඉන්නවා
අනේ ඔව් මුලු ත්‍රිවිධ හමුදාවම දාල හරි ආරක්ෂා කර ගන්න ඕනා සුපිරි විපක්ෂ නායකයෙක් මෙයා, කවුද අප්පා ගැරඬි මරලා පවු පුරෝගන්න හදන මෝඩයා.....
ඇත්තටම පොළොවෙන් ලැබුණු බොහෝ වටිනා වස්තු ලග තිබෙන නිසා මේ තර්ජන තිබෙන්න පුළුවන් . රටේ සම්පත් ආරක්ෂා කිරීම සැමදෙනාගේම වගකීමක් .
මිනිසුන්ගේ සල්ලි නාස්ති නොකර ගෙදරට වෙලා ඉන්න.
වහාම ආරක්ෂාව සපයන්න, නැතිනම් මේ රටට ප්‍රවීන විකට ශිල්පියෙක් නැතිවෙනවා ,ටෙනිසන්, ෆ්‍රෙඩි ,නැති අඩුව පුරවන්න ඉන්නේ මේ හාදයනේ
කන ගාවින් යන්න තමන්ටම වෙඩි තියව ගනියිද දන්නෑ. එහෙව් ඩයල් එකක්.
අයියෝ අපේ සල්ලි නාස්ති කරන්න එපා
නිධන් හොරු අතර ගැටුමක් ඇති වෙලාද? පිස්සෝ අතර ගැටුමක් ඇති වෙලාද?
එම විදෙස් බුද්ධි සේවාගේ නම කුමක්ද? කොයි රටටද? මෙම වාර්තාව ගන්න කොච්චර මුදල් වියදම් කලාද කියලත් සොයා බලන්න ඕනේ.
අනේ කිරිඇල්ල සීයේ. එදා පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබුණු බලයේ හිටියේ ඔයාලා බව දන්නා නැද්ද?
මේ මිනිහාට මනෝ විකාර.. ඒ පාර ට්‍රම්ප් නාට්ටිය රඟ දක්වන්න. කරුණාකර මේ මනුස්සයාව තවත් මහජන මුදල් කාබාසිනියා කරන්න ඉස්සෙල්ලා පිස්සන්කොටුවට දාන්න.