IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුජීවගේ පෙත්සම් විභාගය මාර්තු 18

 හබරකඩ ප්‍රදේශයේදී ඉකුත් ජූලි 31 වැනි දා  නීත්‍යානුකූල මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී තමාට බාධා කළ බීමත් පොලිස් නිලධාරීයාට එරෙහිව විනය පියවර ගන්නා  ලෙස ඉල්ලා ජාත්‍යන්තර වෙළඳ  රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මාර්තු 18 වැනිදා විභාග කිරීමට අද(14) තීන්දු කළේය.

මෙම පෙත්සම   ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ සිසිර ද ආබෘ  යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳැවිණි.

මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින්  අතුරු නියෝගයක් නිකුත් කළ අතර මෙම සිද්ධිය සම්බන්ධ වාර්තා අධ්‍යනය කොට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය තීරණය දැනුම් දෙන තෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අදාළ සිද්ධිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම උල්ලංඝනය විය හැකි පදනම මත මෙම පෙත්සම විභාගයට ගැනේ.



අදහස් (0)

සුජීවගේ පෙත්සම් විභාගය මාර්තු 18

කුමාර් (ගල්ෆ්) Tuesday, 15 December 2015 04:58 AM

නැවතත් හොරු හා මැරයන් රජකරන කාලයක් එයිද? (බ)

:       0       0

සෙනරත් Monday, 14 December 2015 02:34 PM

මෙයාගේ ඇමැති බලේ යොදවල පොලිස් නිල දරුවා ගෙදර යවාවි. මේක වෙන්න ඇති යහපාලනය. මෙයා කොහොමටත් කොලේ ඉරාගෙන ඉන්නේ තඹ කන්ටේනර් එකේ ගනුදෙනුවට අතදාල (බ)

:       0       0

ලංකා Monday, 14 December 2015 03:02 PM

මෙයාගේ හැටි අපි හොඳට දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site