
(රෝෂන් තුෂාර)
වෙඩිවැදී මිය ගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ ඝාතන සැකකරු ලෙස වෙනත් අයෙකුගේ නමක් ප්‍රකාශ කිරීම හේතුවෙන් මොහොමඩ් අසාම් සිරබ්ඩීන්ගේ පවුලේ ඥාතීන්ට අගතියක් සිදුවී ඇති බවට මෝෂමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20)ඉදිරිපත් කළේය.
මොහොමඩ් අසාම් සෙරෙඩ්ඩීම් යන අයගේ සොහොදරයකු විසින් ගොනු කළ මෙම මෝෂම නීතිඥ නුවන් ජයවර්ධන මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෝෂම සම්බන්ධයෙන් නීතිඥ දසුන් පෙරේරා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් සෙරෙබ්ඩීම් නොවන බවය.සහ පොලිසිය මගින් ප්‍රකාශ කළ සැකකරුගේ නම හා සැකකරු එක් අයෙකු නොව දෙදෙනකුු බවද පැවසීය.
මේ හේතුවෙන් නම සඳහන් වූ සැකකරුගේ පවුලේ ඥාතීන්ට නීතිමය ප්‍රශ්න හා සමාජයේ ප්‍රශ්න ඇති වී ඇතිබවත්,ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය සිද්ධියට අදාළ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති හෙයින් අදාළ ඉල්ලීම සැකකරු ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිඥවරුන්ට දන්වා සිටියේය.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංජිවගේ ඝාතනය සම්බන්ධයෙන් මොහොමඩ් අසාම්ගේ පවුලෙන් මෝසමක්