
සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි යන මහත්වරුන් ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව හේෂා විතානගේ මහතා සංවිධායක ධුරය දරණ රක්වාන ආසන සංවිධායක ධුරයෙන් සහ චම්න්ද විජේසිරි මහතා පක්‍ෂයෙ තමන් දරණ වගකීම්වලින් ඉවත්ව ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඔවුන් පක්‍ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලිඛිතව දැනුම් දී ඇතැයිද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් සමගි ජන බළවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එවැනි කිසිඳු දැන්මු දීමක් මේ වන තමන්ට දැන්ම් දී නොමැති බවයි.
COMMENTS
අවංක, උගත් බුද්ධිමත් නවකයන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කර ගනිමු.
කාගේ කාගේත් ගෙවල් ඇතුලේ ගෝරි වගේ.
පක්ෂය වෙනුවෙන් සටන්කල දෙදෙනකු ඉවත්ව යාම එම පක්ෂයේ විනාශයක් රනිල්ට ජයකි
පැණි වරකා "මල්ලට" කව්ද බොලේ අසුචි හැලුවේ.....
ඡන්දයක් කිට්ටු වෙනකොට තව හොඳ සෙල්ලම් බලන්න පුළුවන්.
අසේවනාච බාලානං පන්ඩිතානංන්ච සේවනා යන බුදුවදන අහන්න ලැබිලා වගේ. (කොහොමත් හේසා මුල් ගෙදර අත් හැර අනුන්ගේ ගෙදරකට ගොස් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනකුවූ බුලත් කොලේ හිටපු ප්‍රාදේශීය සභාපති කෙනෙක්නේද.)
රනිල් වැඩේ පටංගත්ත වගේ.
තවත් දේශපාලන පිමිිමක්ද.....
දැනට ලංකාවේ තියෙන උපරිම ප්‍රජාතන්ත්‍රවාදී ,හැමට සවන් දෙන සුපිරිම.නායකත්වය ,වගේම සුපිරිම මොලයක් තියෙන හැම දෙයක් ගැනම දන්න නායකයෙක් ඉන්න පක්ෂය ක ඉන්න බැරි ඇයි.බලන්න ඔබතුමාලගේ නායක තුමා විපක්ශ නායක ලෙස ආන්ඩු බලය ගන්න හදන.හැට්.රටට වැඩ කරන හැටි.යන්න නෙවේ ඉන්න.ඊලග කැබිනට් එකේ වාඩ් වෙන්න ආස නැද්ද?
අහෝ සජිත් තනි වෙන පාටයි .
මේ වගේ ගනුදෙනුවකදී අප්පච්චිගෙන් උනත් අතමාරුවක් ගන්න පුළුවන්.
මේ දෙන්නා කියන්නේ ඒගොල්ලන් පක්ෂයේ සංවිධායක කමින් අයින් වුණා විතරයි පක්ෂයෙන් යන්නේ නෑ කියලා. පක්ෂයේ සංවිධායක කම් ගන්නේ නැතුව පක්ෂයේ විතරක් ඉඳලා මොනවද කරන්න යන්නේ. ඒ වගේම කියනවා පක්ෂයේ ලේකම්ට දැනුම් දුන්නා කියලා අයින් වුණු බව. ලේකම් විතරක් දැනගත්ත දෙයක් කොහොමද අනෙක් අය දන්නෙ කියලත් අහල තියෙනවා තවත් පුවතක. මෙතන ලේකම් කියනවා එයා දන්නේ නෑ කියලා මේ අය සංවිධායක කමෙන් අයින් අයින් වෙනවා කියලා දන්වපු බව. කවුරුත් මුකුත් දන්නෙ නෑ කියලා විතරයි පේන්නේ.