(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද (18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අතපත්තු මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළේය.
අනතුරුව වෛද්‍ය රුවින්ද අතුපත්තු මහතා එජාප සභාපතිවරයා සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට ද සහභාගී විය.
හෝමාගම හරිත සරසවියේ සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙ
‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්‍ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා තිබේ.
ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.
මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුත
බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
Hafeel Thursday, 18 April 2024 01:44 PM
දැන් වජිරට පෙන්න සේරම ලොකු අත්ත. මෙයා වගේ හාල්මස්සන්ට ලොකු අත්තක් කියල කියනවා නම්.....
මැක්ස්Thursday, 18 April 2024 03:31 PM
ඒ දොස්තර මහත්තයා ලොකු අත්තක් නෙවෙයි නම් මොකට අවුල් වෙනවාද හජ්ජියාර්?
සුරංග Thursday, 18 April 2024 07:46 PM
මම හිතන විදියට ප්‍රවීන් අතපත්තු කියන්නේ 77 එජාප රජය පිහිටුවා ගැනීමට කටයුතු කර සෞඛ්‍ය ඇමැති තනතුරු දැරූ රංජිත් අතපත්තු මහතාගේ පුතෙක් වෙන්න පුළුවන්... 1977 මයිනා පරාජයට පත්කලේ රංජිත් දොස්තර මහතා තමයි...
බුද්ධික Thursday, 18 April 2024 02:58 PM
අපෝ මෙයා කූනිස්සෙක්නේ. පව් වජිර. මෙයාගේ තත්තාටවත් මුල් කාලෙන් පස්සේ දිනන්න බැරි වුණු එකේ මෙයාට කොහේද හම්බන්ටතොට ඡන්ද? මේ වගේ මිනිස්සු ගියාට ඡන්ද දායකයෝ ඒ පස්සෙන් යන්නේ නෑ. ඒ ඉස්සර.... දැන් ඒ ගොන්නු නෑ..!
Wije Thursday, 18 April 2024 03:05 PM
මේ මනුස්සයාට තමුන්ගේ ගෙදර ඡන්දෙවත් නැති හාදයෙක්, මේ වගේ අය තමයි සෙට් වෙන්නේ ආන්ඩුවට...
Dharmatileke Thursday, 18 April 2024 03:43 PM
මේ දොස්තර හිතාගෙන ඇති එයා තමයි ඊළඟ සෞඛ්‍ය ඇමැති කියලා
Nilantha Thursday, 18 April 2024 04:12 PM
කෙලින් ඉන්නවත් පණ නැහැනේ...!
ගමේ එකාලා Thursday, 18 April 2024 07:08 PM
අලියාගේ පිට උඩ නැගලා ගොඩයන්න පුළුවන් කියලා හිතාගෙන ඇති...
ranjith Friday, 19 April 2024 06:46 AM
ඔන්න තව එක ඡන්දයක් එකතු කරගත්තා 2048 වෙනකල්ම ටිකෙන් ටික එකතු කරලා අන්තිටම පරදීවී පව් නේද
S,p,bandara Friday, 19 April 2024 08:15 AM
මිනිස්සු වෙනස්වෙලා ඉවරයි.වජිර ඔයා තවමත් කරන්නෙ ලාමක ටින් ටින් වැඩ. කවදා හැදෙයි ද දන්නෑ. ඔයාවගේම රනිලුත් ඇප නැතුව යන්නෙ.
විදුර Friday, 19 April 2024 03:15 PM
ගාණ කීයද? ඒකත් දාන්න.