IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සජබ බුලත්සිංහල සංවිධායක ඉවත් කරයි

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායක ප්‍රසන්න අමරසේකර මහතාගේ සංවිධායක දුරය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රසන්න අමරසේකර මහතා පක්ෂයේ විනය මණ්ඩලයේ හමුවට කැඳවා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා පැවසීය.

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් බෞද්ධ සමුළුව අතරතුර බුලත් සිංහල ආසන සංවිධායකවරයා සම්බන්ධයෙන් සෙසු ආසන සංවිධායකවරු පක්ෂ මහලේකම්වරයා වෙත චෝදනා කළ අතර එහිදී යම් කලාකාරී තත්ත්වයක් හට ගැනිණ.

ප්‍රසන්න අමරසේකර මහතා මාධ්‍ය හමුවක් කැඳවා ඊට ප්‍රතිචාර දැක්වූ අතර මේ හේතුවෙන් ඔහුගේ ආසන සංවිධායක දුරය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ප්‍රසන්න අමරසේකර මහතා මේ සතිය තුළ සමගි ජන බලවේගයේ විනය මණ්ඩලය හමුවට ද කැඳවා තිබේ.

 



අදහස් (0)

සජබ බුලත්සිංහල සංවිධායක ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 254 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 398 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site