
(යොහාන් භාසුර)
සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අත්හිටුවූ පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය මෙම මස 6 වැනිදා පැවැත්වීමට නියමිත බවත් එහිදී එහිදී එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බවත් ප්‍රධානියා සඳහන් කළේය.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට හිටපු ජනාධිපතිවරුන්ට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ඇරියුම් කිරීමට නියමිත බව ද එම ප්‍රධානියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
890
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සජබට ගිය එජාප පිරිසගේ තහනම ඉවත්කිරීමේ තීරණයක්
Rata Perata Tuesday, 02 September 2025 07:36 AM
අවස්ථාවාදී දේශපාලුවෝ බලය ගන්න දඟලන දැගලිලි දැක්කම කලකිරෙනවා. පේනවනේ නේද මුන්ට රට සහ රටේ ජනතාව වෙනුවෙන් කිසිම ප්‍රතිපත්තියක් නෑ කියලා.
Achi Tuesday, 02 September 2025 07:45 AM
සජබය කිසිදා මහ බැංකු කොල්ලකරුවන්ට එක් නොවන බවත් ඔවුන්ගේ සහාය ලබා නොගන්නා බවත් සජිත් ප්‍රසිද්ධියේ පැවසීය.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 September 2025 09:05 AM
සම්මේලනයේදී කියන ප්‍රකාශය තමයි "2048 දී ලංකාවට සෞභාග්‍ය උදාවෙලා, මුළු ආසියාවේම ආශ්චර්යය බවට පත්වෙන එක. එතකල් කෙඳිරි ගාන්නේ නැතිව, පටි තදකරගෙන හිටපල්ලා" කියන එක.