IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සජින් වාස්ට කොස්ගොඩදී හූ කියති

කොස්ගොඩ ඉන්ධන පිරවුම්හළක් විවෘත කිරීමේ උත්සවයකට පැමිණි සජින් වාස් ගුණවර්ධන මහතා කථා කරද්දී එහි පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් හූ කියමින් ඔහුගේ කථාවට බාධා කළහ.

ගුණවර්ධන මහතා සිය කථාව නතර කර හූ හඬ මැද්දේම රැස්වීමෙන් පිටව ගියේය.

එම රැස්වීමට එක්සත් ජාතික පක්ෂ සංවිධායක කමල් ජයන්ත ද සොයිසා මහතා හා බලපිටිය ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී කුෂාන්ත මෙන්ඩිස් මුලින්ම පැමිණ අසුන්ගෙන සිටියහ. ගුණවර්ධන මහතා මහතා එහි එනු දුටු ඔවුහු රැස්වීමෙන් පිටව ගියහ. ඔවුන් දෙදෙනා ඇතුළු පිරිසක් යළි එහි එන විට ගුණවර්ධන මහතා කථා කරමින් සිටියේය. එහි සිටි පිරිස් ‘හොරා හොරා‘ යනුවෙන් පවසමින් හිරේ සිටිය යුතු අය රැස්වීමට ඇවිල්ලා යනුවෙන් කෑගැසුහ.

පොල් මලක් විසුරුවා ගුණවර්ධන මහතා තෙල්හළ විවෘත කළේය. 2010 ජනපතිවරණ සමයේ විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාගේ රැස්වීමකටද සජින් වාස්ගේ ආධාරකරුවන් බව කියන පිරිසක් මෙවැනිම විරෝධයක් පෑ බව කියති.

 

 

දීපාල් සිල්වා



අදහස් (0)

සජින් වාස්ට කොස්ගොඩදී හූ කියති

ෆාරු Thursday, 26 February 2015 10:57 AM

මට නම් සතුටක් තමයි දැනුනේ (නි)

:       0       0

ට්‍රෙරෝන් Thursday, 26 February 2015 11:24 AM

කල කම් පලදේ (අ)

:       0       0

නිර්ෂාඩ් Friday, 27 February 2015 10:07 AM

පිරිසකගේ බොහොම පහත් විදියේ හැසිරීමක් දුටුවේ. උත්සව සභාවක වැඩ කටයුතු සිදුවන අවස්ථාවක සිදු වු එවැනි හැසිරීම් කිසිවිටකත් අනුමත කළ නොහැක.(දිල්)

:       0       0

විජයබාහු Thursday, 26 February 2015 09:34 AM

පොල්මලෙන්ම සලකන්න තිබුණේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site