සජින් වාස්ට හා මර්වින් සිල්වාට එරෙහිව ඡන්දය දුන් පුරවැසියන්ගේ අපේක්ෂා යහපාලන ආණ්ඩුව විසින් බිඳ වට්ටනු ලැබ ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට හේතු වූ පුද්ගලයන් යහපාලන ආණ්ඩුව ලන් කර ගැනීම විහිළුවට කරුණක් යැයි ලංකාදීපය සමග කළ සාකච්ඡාවක දී සේමසිංහ මහතා සඳහන් කළේය.
කිරුළපන මැයි රැලිය සංවිධානය කළේ එජාපයට එරෙහිව බැවින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව විනය පියවර නොගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘සජින්/මර්වින් ළං කර ගැනීමෙන් ජනතා අපේක්ෂා බිඳ දමලා‘
දුමින්ද Monday, 16 May 2016 08:45 AM
වෙනසක වෙනස. (ර)
වින්සන්ට් Monday, 16 May 2016 08:48 AM
ශෙහාන්, අපේ රටේ තවමත් ජනතා අපේක්ෂාවක් ගැන කියන්නට අපහසුය. නමුත් පාක්ෂිකයන්ගේ අපේක්ෂා නම් වෙනස් ආකාරයකට දකින්නට පුළුවන. ජනතා අපේක්ෂාවක් තිබුනේනම් දේශපාලන පක්ෂ දෙකක් අතර පමණක් නිතරම බලය පැවතිය නොහැකි බව මගේ අදහසය. (ර)
විපුල Monday, 16 May 2016 08:53 AM
ජනතාවට දැන්නම් අපේක්ෂාවක් විදිහට තියාගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. (ර)
පීරිස් Monday, 16 May 2016 02:51 AM
ජනතා අපේක්ෂා නම් කොච්චර බිඳවැටුනත් මොකද ලොකු ලොකු අයගේ අපේක්ෂා ඉටුවෙනවා නම් (නි)
ශෙහාන් Monday, 16 May 2016 03:14 AM
ඇත්තටම මොනවද ජනතා අපේක්ෂා කියන්නේ? (නි)
බෙනට් Monday, 16 May 2016 11:25 AM
අපි දන්නෙත් නැතුව අපේ අපේක්ෂාව වෙලා තිබිලා තියෙන්නේ ගිය ආණ්ඩුව අයින් කරලා තවත් කට්ටියකට සැප ගන්න බලය ලබාදෙන එකයි ..(හේ)
කුමාර් (ගල්ෆ්) Monday, 16 May 2016 06:11 AM
මේකත් හිටපු ආණ්ඩුව වගේ එකක් බවට පත්වේවිද? (නි)
බන්දුල Monday, 16 May 2016 06:16 AM
ඇත්තටම ජනතා අපේක්ෂා කියන්නේ මොකද්ද? එහෙම එකක් තියනවද? හැමෝම බලන්නේ ඔයාලගේ අපේක්ෂා ඉටුවෙනවද කියලයි. ජනතාව හැමදාම මහපාරේ. (නි)
උපාලි Monday, 16 May 2016 06:34 AM
මැතිවරණ කාලවලදී අප ඉදිරියෙන්, ඇස් නිලංකාර කරවමින් එහාට මෙහාට පාවෙනවා සේ පෙනෙන කැරට් අල වලට ජනතා අපේක්ෂා යැයි කියනු ලැබේ. (නි)
සමිත් Monday, 16 May 2016 08:13 AM
යහපාලනයනේ අනේ, ගණන් ගන්න එපා (නි)
විජේ Monday, 16 May 2016 08:36 AM
සමහරු ගැන නම් කියලා වැඩක් නැහැ. කපටිකමට දෙපැත්තටම යනවා. (නි)