IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සජිත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටුවී නැති හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට කාරක සභාවක්  පත්කිරීමට  ආණ්ඩුව සූදානම් වන්නේ යැයි  පැවසූ විපක්ෂනායකවරයා එවැනි කාරක සභා  හොරාගෙ අම්මගෙන් පේන ඇසීම හා සමාන වැඩක් වනු ඇතැයිද  සඳහන් කළේය.

සජිත් පේමදාස මහතා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසර ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂනායකවරයා  එහිදී මෙසේද සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් ජීවිත රැසක් නැති වුණා. දූ දරුවන්ට මවුපියන් නැති වුණා. මවුපියන්ට දූ දරුවන් නැති වුණා.  අපි මේ ප්‍රහාරය හෙළා දකිනවා. මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් තවමත් සිදුවී නැහැ. ඒක  අතිමහත් බහුතර ජනතාව පිළිගන්නා කාරණයක්. මේ ප්‍රහාරයෙන් මිය ගියේ අපේ රටේ ජනතාව. ඒ ජනතාවට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන. යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. සාධාරණය යුක්තිය ඉටු කරනවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. දේශීය පරීක්ෂණය හරියාකාරව නොවූ නිසා  අද බරපතළ තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි මේකේ ඇත්ත දැනගන්න ඕන. පාස්කු ප්‍රහාරය ගැන කරපු හැම පරීක්ෂණයක්ම  යට ගහලා තියෙන්නේ.

ඔබලා  ඔය පුටුවලට ආවේ පාස්කු ප්‍රහාරය පෙන්නලා. සිද්ධියේ මහ මොළකරුවන් සොයන්න ඔබලා අසමත් වෙලා තියෙනවා. මේ ගැන විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍යයි. මට ආරංචි තියෙනවා කාරක සභාවක් පත් කරන්න  යනවා කියලා. හොඳට තියේවි. ඒක  හොරාගෙ අම්මගෙන් පේන වහනවා වගේ වැඩක් වේවි.මේක විසඳන්න පුළුවන් ජාත්‍යන්තර පරීක්ෂණයකින් විතරයි. පරීක්ෂණ  යට ගහන්න එපා. දේශීය විදේශීය පරීක්ෂණ කණ්ඩායම් එකතු කරගත්ත පරීක්ෂණයක් අවශ්‍යයි. සිද්ධියේ මහ මොළකරුවන් ආණ්ඩුවේ ඉන්නවද කියන කාරණයත්  දැනගන්න ඕන. අපේ  රජයක් යටතේ මේ ප්‍රශ්නයේ සුල මුල හොයන්න අනිවාර්යෙන්ම කටයුතු කරනවා.



අදහස් (2)

සජිත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

kotiya Wednesday, 06 September 2023 02:21 PM

ඉතින් බන් නුඹලගේ රජයක් යටතේ නේ පාස්කු ප්‍රහාරය වුනේ... මුකුත් හොයා ගන්න බැරි වුනැයි?

:       1       8

සිරා Wednesday, 06 September 2023 07:59 PM

ඒ මදිවට මෙයත් එතකොට ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමැති කෙනෙක්. ඒ බලය තිබුණු කාලයේ කට හෙල්ලුවේ නෑ. දැන් මෙන්න බොර දියේ මාළු බානවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site