
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
‘කාවන්තිස්ස’ ඇතාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් අඹන්පොළ, කහඹිලියාවැටියා වත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.
ප්‍රතිමාව ඉදි කෙරෙන එම ස්ථානය කාවන්තිස්ස ඇතා සහ ඔහුගේ අලි රංචුව නිරන්තරයෙන් ගැවසුන කහල්ල-පල්ලෙකැලේ ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටා ඇත. ප්‍රතිමාව ඉදි කෙරෙන වත්ත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට අයත් වූවකි.
කාවන්තිස්ස හස්තියාගේ මෙම ප්‍රතිමාව අසල පර්යේෂණ/පුස්තකාල පරිශ්‍රයක්ද ඉදි කිරීමට තීරණය වී තිබේ.
එමගින් පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, අලි-මිනිස් ගැටුම අවම කරමින් සමනය කිරීමේ පියවරයන් සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ වත්මන් හා අනාගත ශ්‍රී ලාංකික පරම්පරා වල යහපත උදෙසා ඇත් සහ අලි රංචු සංරක්ෂණය කිරීම ප්‍රවර්ධනය කිරීම බලාපොරොත්තු වන බව විපක්ෂ නායක නායක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ‘කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය’(KAWANTISSA Tusker Protection Task Force) මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූට පිස්සු! රටට වැඩක් ඇති දෙයක් කරපන්. පාර වැරදිච්ච මිනිහෙක්!
මේ වියදම් කරන සල්ලිවලින් අහිංසක මිනිස්සුන්ගේ දේපළ ආරක්ෂා කරගන්න අලිවැටක් හදලා දෙන්න කියලා ඔබතුමාට හිතුණේ නැද්ද අනේ…! මොළය වර්ධනය වෙලා නෑ හරියට, තවමත් වැඩ කරන්නේ වැලි සෙල්ලම් බත් උයන කාලේ වගේ…
අර තමුන්ගෙ පියාගෙ යුගයෙ හදපු පියගම මව් ගම ප්‍රතිමා දෙකට මොකද උනේ කියල දැනගන්න ආසයි
අනේ මෙහෙම ගොබ්බ පිස්සෙක් ! බකං නිලාගෙන ඉන්න එකේ අලියා හදන job එකට join උනොත්, ලබන මැතිවරණයෙදී රනිල් වික්‍රමසිංහ ගේ අලියා පිටින් ගිහින්, පුතානොට රටේ ජනාධිපති වෙන්නත් බැරි කමක් නෑ !! රනිල් දැන් ඉතින් මහළු, රොගී, ඇප මත සිටින පුද්ගලයෙක් නිසා මෙයාට good chance එකක් හිසෙ කඩා ගෙන වැටෙන්නත් පුළුවන් ...
කාවන්තිස්සගේ පිළිරුව අසලම, වියලි කලාපයේ ගොවියෙකුගේ හේනක් සහ ඔහුගේ පැලේ ප්රතිමාවක්ද සාදන ලෙසට මම ඉල්වා සිටිමි.
අවම වශයෙන් තමන් තවමත් සක්‍රීයව සිටින බව පෙන්වීම සඳහා හෝ, ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයාට යමක් කිරීමට සිදුව තිබේ!
ඒක විපක්ෂ නායක ධූරයේ කටයුතුවලට වඩා හොඳ වෙයි...
ජීවත්ව ඉන්න කාලේ කිසි කෙනෙක් වැදගත් කමක් නොදුටු මේ සතා වෙනුවෙන් මෙහෙම දෙයක් හරි කරන එක බොහොම හොඳයි .
ගොඩක් සතුටු හිතෙන දෙයක්. සජිත් මහත්තයාට ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් කරනවට. අතේ සල්ලි නැහැ. ශ්‍රමයෙන් ඕනෑම උදව්වක් දෙන්නම්.