IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සජිත්ට එරෙහි පෙත්සමට අවසර

සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවි නැගුම ප්‍රජාමූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කරන ලැදැයි නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල පිළිබඳ කඩිනම් විමර්ශන පවත්වන ලෙස  මූල්‍ය වංචා විමර්ශන ඒකකයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය  අවසර ලබා දුන්නේය.

 නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ෙප්‍ර්මදාස, අගමැති, කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ඇතුළු පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් හැර එහි පළමු සහ දෙවන වගඋත්තරකරුවන් වන හිටපු දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල්  ආර් ඒ කේ රණවක සහ වත්මන් දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් එම් සුමනපාල යන වගඋත්තරකරුවන් දෙදෙනා විසින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් සිදුවී ඇත්ද යන්න විමසා බැලීමේ අවශ්‍යතාවය මත මෙම පෙත්සම විභාගයට ගැනීමට  තීන්දු කළේය.

  ඒ අනුව පෙත්සම ලබන නොවැම්බර් 16 වැනිදා විභාගයට ගැනීමට දින නියම කෙරිණි.



අදහස් (0)

සජිත්ට එරෙහි පෙත්සමට අවසර

සුරනිමල Thursday, 30 July 2015 03:40 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කැළුම් Thursday, 30 July 2015 03:46 AM

පහුගිය කාලේ ඡන්ද වැඩට ගත්තත් දැන් මේවා ගත්තේ ඡන්ද වැඩ වලට නොවෙයි නේ. (නදී)

:       0       0

දුමින්ද Thursday, 30 July 2015 04:11 AM

හිටපු ඇමැති හිරේ ගියෙත් සමාන මූල්‍ය චෝදනාවකට නේද (බ)

:       0       0

ජුඩ් Wednesday, 29 July 2015 04:33 PM

සජිත්ට තියෙන්නේ බැසිල්ගේම චෝදනාව (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 29 July 2015 06:22 PM

යහපාලනය කියන්නේ තවත් කඩතුරාවක් නොවන බව ඔප්පු කරන්න ජනාධිපති තුමා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. අදාළ අංශ වලට උපදෙස් දීමට අමතරව ඒ නිලධාරීන්ද ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site