(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අහන්නට පාර්ලිමේන්තුවේ සිටි සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා ඇතුළු ප්‍රබලයින් අද සජිත් ප්‍රතිපත්තිය කියන විට සභාවේ නැතැයි පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කරුණු විස්සකින් යුතු ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරද්දී තමාද ඊට හොඳින් ඇහුම්කන් දුන් නමුත් එහි අකුරක්වත් තමාට තේරුනේ නැතැයි අබේගුණවර්ධන මහතා පැවසීය.
ෆොන්සේකා ඇතුළු සජබ ප්‍රබලයින් සජිත් ගේ ප්‍රකාශය අහන්නට නොසිටියේ ඔවුන්ටත් එය නොතේරෙන නිසාදැයි නොදන්නා බව අබේගුණවර්ධන මහතා කීය.
රට වෙනුවෙන් පොදු ගමනකට එකතු එකතු වෙන්න පොදු ජන පෙරමුණට හැකි නම් සමගි ජන බලවේගයට බැරි ඇයිදැයි ජනපති සිය කතාවෙන් අැසූ බවත් තමාටත් අහන්නට තිබෙන්නේ ඒ කතාවම බවත් අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
ජනපති පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රස්තිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් අබේගුණවර්ධන මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජිත්ගේ ප්‍රතිපත්තිය අහන්න ෆොන්සේකා නෑ
Rata Perata Thursday, 08 February 2024 05:56 PM
මේ හැට නවයෙන් ඩොලර් ගෙනාවා කියපු කෙනා නේද? තේරෙන්නේ නැති එක අහන්නත් දෙයක්ද? ඉස්කෝලෙ යන්නේ නැතිව කෝච්චිවල මාල කඩකඩ හිටියාම...
asanka Thursday, 08 February 2024 09:54 PM
සරත් ෆොන්සේකා කියන්නේ මිනිසුන් සමග හොදින් ඉන්න පුද්ගලයකු නොවෙයි සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය දාලා ගියොත් ලාබයක් මිස පාඩුවක් නම් වෙන්නේ නැහැ