IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සංචාරක වීසාවලින් ඕමානයේ ගෘහ සේවයට ගොස් අමාරුවේ වැටිලා

(විමුක්ති එස් රුද්‍රිගු)

සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ගෘහ සේවිකාවන්ගෙන් ලැබෙන දිනපතා පැමිණිලි සංඛ්‍යාව වැඩි වී ඇතැයි ඕමානයේ මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එසේ ලැබෙන පැමිණිලිවලින් වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ සංචාරක වීසා මත රැකියා සඳහා ඕමානයට ගොස් සිටින කාන්තාවගෙන් බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

එසේ සංචාරක වීසා මත ඕමානයට ගොස් සිටින බොහෝ දෙනා  ජාවාරම්කරුවන් සහ වංචනිකයන් මාර්ගයෙන් ලියාපදිංචි නොකර ඕමානයට ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.

පීඩාවන්ට සහ අඩන්තේට්ටම්වලට ලක්ව දැනට ඕමානයේ සිරවී සිටින කාන්තාවන් 90 දෙනකු පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට මුදල් නොමැති වීම හේතුවෙන් මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සහාය ඉල්ලා ඇති බවත් දැනට ඔවුන් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය වියදම් දරා ආරක්‍ෂිත ස්ථානයක නවතා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම කාන්තාවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ සුභසාධන පහසුකම් සපයා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

 



අදහස් (2)

සංචාරක වීසාවලින් ඕමානයේ ගෘහ සේවයට ගොස් අමාරුවේ වැටිලා

de silva Thursday, 17 November 2022 09:50 PM

මිනිස්සු දිවි පරදුවට තබා හරි මේකෙන් යන්නේ මේකේ ජීවත්වෙන්න තිබෙන අමාරුවට.

:       0       0

ඇස මාරු කරන්නට බැරිය..! Thursday, 17 November 2022 09:59 PM

සංචාරක වීසා අරගෙන ඕමානයේ ගෘහසේවයට ගිහිල්ලා යුරෝපයට පනින්න හදන අය බොහෝය..! නමුත් යුරෝපා රටවලට ඇතුල්වන විට ඇඟිළි සළකුන පමණක් දැන් සොයා නොබලයි... දැන් ඇසේ දත්ත තුලිනි රටට ඇතුලුවන්නා ගැන සොයාබලන්නේ... එයට කියන්නේ ඇසේ "කලු ඉංගිරියා" පරීක්‍ෂාකර හඳුනාගැනීමය. කණ්ණාඩි මාරු කලාට ඇස මාරු කරන්නට බැරිය..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site