IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සංචාරක කර්මාන්තය නංවන යෝජනා 25කට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

 ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

 සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දැනට පවතින බාධාවන් සහ අවස්ථාවන් හඳුනා ගනිමින් එකී බාධා ඉවත් කොට පවතින අවස්ථාවන් උපරිම ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අමාත්‍ය  මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් අමාත්‍යවරුන්  හය දෙනකුගේ සහභාගීත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කෙරිණි.

එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ 25ක් සහිත වාර්තාව සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇත.



අදහස් (3)

සංචාරක කර්මාන්තය නංවන යෝජනා 25කට කැබිනට් අනුමැතිය

prasanna Tuesday, 13 June 2023 12:47 PM

සංචාරක කර්මාන්තය ගැන කතා කරාට සෙවකයන් ගැන කිසිම අගය කිරිමක් කරන්නෙ නැහැ,සෙවකයන්ට හරි පඩියක් නැහැ, එමනිසා අද මෙහි සෙවකයන් විශල වශයෙන් රට රැකියවන් සදහා යොමුවෙනව. මෙම ප්‍රස්න නිසා හෝටල් ක්ශේත්‍රයේ පිරිහිමක් අතිවෙලා තියෙනව, දක්ශ සේකයා නැතිකමින්.

:       0       8

Bandara Tuesday, 13 June 2023 02:10 PM

SLTDA ශක්තිමත් කිරීමට අවශ්‍යයි. බොහෝ ආයතන TDL නොගෙවන අතර මූල්‍ය අංශය නිදාගෙන සිටී. රජයේ ඉඩම් අනවසර පුද්ගලයන් විසින් අල්ලා ගන්නා නමුත් නීති අංශය නිදි.

:       0       2

de silva Tuesday, 13 June 2023 09:23 PM

SLTD එකෙන් සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරයකට වෙන සේවයක් නොමැත. එම නිසා ඔවුන් ඒකෙ සාමාජිකයෝ වෙලා නිකරුණේ සාමාජික මුදල් ගෙවන්න කැමැති නැත. ලංකාවේ බහුතරයක් සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් වෙති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 414 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 582 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site