IMG-LOGO

සංචාරකයින්ට දේශසීමා වහන්න යුරෝපා සංගමය තීරණය කරයි

කොරෝනා  වෛරසය හේතුවෙන් පිටතින් පැමිණෙන සංචාරකයින්ට සිය දේශ සීමා වසා තැබීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. 

දින 30ක් සඳහා මෙම තහනම බලපැවැත්වේ. මෙම පියවර යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 26කට මෙන්ම අයිස්ලන්තය, ලීච්ටන්ස්ටයින්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තයට ද වනු ඇත. 

කෙසේවුවද මෙයින් බ්‍රිතාන්‍යයේ පුරවැසියන්ට කිසිදු බලපෑමක් සිදු නොවනු ඇතැයි සඳහන් වේ.

ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාම සහ වසා දැමීම සම්බන්ධව  ප්‍රංශය අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තහනම පැනවිය.

දිගු කාලීන පදිංචිකරුවන්, යුරෝපා සංගම් ජාතිකයින්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පවුලේ සාමාජිකයන්, දේශ සීමාවල සහ සෞඛ්‍ය අංශවල සේවකයින් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයින් හැර සෙසු යුරෝපා සංගම් නොවන ජාතිකයින්ට මෙම සංචාරක තහනම බලපානු ඇත.

නිදහස් ගමන් යනු යුරෝපීය දේශසීමා ප්‍රදේශය තුළ ඉතා වැදගත් ප්‍රතිපත්තියකි. නමුත් මෑත දිනවල බොහෝ රටවල් කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ඒකපාර්ශ්විකව පූර්ණ හෝ අර්ධ වශයෙන් දේශසීමා වසා දැමීම් සිදු කර ඇත.

අඟහරුවාදා(17) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ආධාරයෙන් පවත්වන ලද යුරෝපා සංගම් නායකයින් අතර  සමුළුවකදී මෙම පියවරට එකඟ වූ අතර දැන් එය සාමාජික රටවල් වලට ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.

බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත සමූහාණ්ඩුවට ද මෙම පියවරට එක්වන ලෙස ආරාධනා කර තිබේ.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

සංචාරකයින්ට දේශසීමා වහන්න යුරෝපා සංගමය තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 332 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 808 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site