IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සංචාරකයින්ගේ පැමිණීම වැඩිවෙයි

මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා මුල් මාස හයේ දී විදේශිය සංචාරකයින් අට ලක්ෂ තිස් දහස් පනස් එක් දෙනකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එය ගිය වසර හා සැසඳීමේදී 14.1% ක වර්ධනයක් යැයි ද එම කාර්යාංශය පවසයි.

ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ දී විදෙස් සංචාරකයින් වැඩිපුර පැමිණ ඇත්තේ චීනයෙන් හා ඉන්දියාවෙනි. ඊට අමතරව බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය, හොංකොං, රුසියාව ,යුක්රේනය යන රටවල් වලින් ද සංචාරකයින් පැමිණීම සැලකිය යුතු මට්ටමින් වර්ධනය වී ඇතැයි සංචාරක  ප‍්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මෙලෙස මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණිමත් සමඟ ලබන වසරේදි දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 25 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද එම කාර්යාංශය කියයි.

 



අදහස් (0)

සංචාරකයින්ගේ පැමිණීම වැඩිවෙයි

ඉන්දික Friday, 10 July 2015 04:20 AM

සංචාරක වැදගත් කමක් නැති රටවල් පවා මීට වඩා සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙනවා (ම)

:       0       0

ඉරේෂ් Friday, 10 July 2015 04:26 AM

රවිඳු .... මේ වසරේ මුල සංචාරකයන් වැඩිවෙලා තියෙන්නෙ ගිය වසරේ කරපු සංචාරක ප්‍රවර්ධන කටයුතු නිසාත් වෙන්න බැරිද? (බ)

:       0       0

සෙලිනා Friday, 10 July 2015 05:59 AM

දැන් අපේ රටේ යුද්ධය නැති නිසා සංචාරකයන් එනවා. යුද්දෙන් පස්සේ කොහොමත් මෙය වැඩි උනා. (ස)

:       0       0

සුබෝධිනී Thursday, 09 July 2015 08:31 PM

මේක බොහොම හොඳ ප්‍රවණතාවක් (නි)

:       0       0

දිනේෂ් Saturday, 11 July 2015 01:36 AM

සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ඒ විදිහට දෙන්න ඕනෑ (නි)

:       0       0

වජිර Thursday, 09 July 2015 09:18 PM

තවදුරටත් එය වැඩිකරගැනීම සඳහා කටයුතු කරමු (නි)

:       0       0

තිලක් Thursday, 09 July 2015 11:46 PM

සතුටුදායක පුවතක් (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 09:27 AM

මේ කොටි. (ස)

:       0       0

නිශ්ශංක Friday, 10 July 2015 01:52 AM

සංචාරකයන්ගේ පැමිණීමෙන් තමයි රටක් සංවර්ධනය වෙන්නේ (නි)

:       0       0

විපුල Friday, 10 July 2015 02:28 AM

එතකොට මේ ජපානේ වගේ රටවල් දියුණු වෙලා තියන්නෙත් සංචාරකයෝ නිසාද ?, මම නම් හිතන්නේ නිෂ්පාදන මුලික ආර්ථික ක්‍රමයකින තමය් තිරසාර සංවර්ධනය ලන්ගකරගන්න පුළුවන් කියල, (ස)

:       0       0

රවිඳු Friday, 10 July 2015 02:35 AM

රටක් දියුණුවීමට ආර්ථික සාමාජීය දේශපාලනික නිදහස අවශ්‍යයි. පහුගියකාලේ මිනිස්සුන්ට දේශපාලනීක නිදහස ආර්ථික නිදහස අහිමි කරලා එක පවුලක් බලය සියතට අරන් කටයුතු කලා. අද ලෝකය පිළිගන්නවා මේ පවුල් පාලනයෙන් රට ක්‍රමානුකූලව මිදෙමින් යන බව. මේ තත්වය දරා ගත නොැහැකි කට්ටියක් ඉන්නවා. ඒ තමයි සුදුසුකම් නැතුව පහුගිය රජයෙන් රැකියා ලබාගත් මිනිස්සු, අඩුවෙන් වැඩ කර වැඩියෙන් හොයපු මිනිස්සු, කොන්ත්‍රාත් වලින් මිලියන බිලියන ගණන් හොයපු මිනිස්සු, සමෘද්ධිය අයුතු විදියට ගත්ත මිනිස්සු, කැසිනෝ කුඩු ගංජා කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, උන් තවමත් හොල්මන් කරමින් ආයිත් පහු ගිය පාලනය ගෙන්න උපරිම උත්සහ කළත් නැවතත් ජනවාරි 8 වෙනිදා ලබපු ඉරණමට වඩා දරුණු ඉරණමකට මහින්ද ඇතුළු නඩය පත්වෙනවා එ්කාන්තයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site