IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සඟ රුවනේ නඩු හබ නිකායේදී විසඳේ

මහා සංඝ රත්නය නඩු හබ වලට උසාවි ගානේ වැඩම කිරීම අවසන් කිරීම සඳහා නිකායට බලතල පැවරෙන පරිදි සංසෝදනය කරන බවත් ඒ සඳහා මහ නායක හිමිවරුන් සමග ලබන සතියේ සාකච්ඡා කරන බව ආගමික කටයුතු අමාත්‍ය කරු ජයසුරිය මහතා බලපිටියේදී පැවසීය.

විහාර දේවාලගම් පනත සංසෝදනය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කීවේය. ප්‍රමිතියෙන් යුතු අටපිරිකර වෙළඳ පොලට ගෙන ඒමට පියවර ගන්නා බවත් ඔහු කීය.

 



අදහස් (0)

සඟ රුවනේ නඩු හබ නිකායේදී විසඳේ

අනිල් පෙරේරා Sunday, 25 January 2015 11:32 AM

මෙන්න මේ කාර්්‍යය ඉතාමත් වටිනා කාලයට උචිත තීරණයක්. මෙවැනි අර්ථවත් ක්‍රියාවන් වලට අපේ ඉමහත් ගෞරවය පුද කරමු. (ර)

:       0       0

විශාකා Saturday, 24 January 2015 02:09 PM

ඉතා හොඳ තීරණයක් (නි)

:       0       0

තුසිත Saturday, 24 January 2015 02:18 PM

අගය කළයුතු ක්‍රියාවක්... (නි)

:       0       0

සංඛ Saturday, 24 January 2015 02:44 PM

සාධූ සාධූ සාධූ!!! බුද්ධ ධර්මය චීවරධාරීන්ගෙන් බේරාගන්නත් වැඩපිළිවෙළක් සකස් කළොත් බොහොම අගෙයි ඇමතිතුමා. සංඝරාජ නායක හිමිවරුනට චීවරහැරවීමට බලය පවරන ආකාරයේ යම් සංශෝධනයක් කරන්න පුලුවන් නම් ඔබතුමාට නිවන් යන්න ඒ පිනම ඇති. (නි)

:       0       0

අනුශ්ක Saturday, 24 January 2015 02:53 PM

අගය කළයුතු වැඩක් (නි)

:       0       0

ඉෂාන් Saturday, 24 January 2015 06:34 PM

රටේ නීතිය සැමට එක ආකාරයකින් තිබිය යුතුයි. ජාති, ආගම්, තනතුරු මත වෙනස් නොවිය යුතුයි. පන්සිල්, සාමණේර හෝ උපසම්පදා ශීලය රකින ස්වාමීන් වහන්සේලා අතින් රටේ නීතියද රැකේවි. සියලු නඩු නිකායන් මඟින් විසඳීම ශාසනයේ පරිහානියටත්, රටවැසියන්ගේ ගර්හාවටත් හේතුවේවි කියා මට සිතෙනවා. බුදුදහමට අනුව විනයකර්ම සිදුකර ශාසනයට අදාළ විනය රැකීම නැවත බලගන්වන්න. (නි)

:       0       0

සිංහ Saturday, 24 January 2015 06:38 PM

පසුගිය ආණ්ඩුව කටයුතු කළ ආකාරයට මහ නාමිහිමිවරුන්ගේ විවේචන එල්ල වුණා. නමුත් මෛත්‍රී පාලනයෙන් අාගමට සහ චීවරයට නිසි තැන ලැබෙනවා . (නි)

:       0       0

රුවන් Saturday, 24 January 2015 06:54 PM

මඩගැසීමට හවුල් නොවූ, මහත්මා දේශපාලනයක්‌ කරන මෙතුමාගේ මෙම කාලෝචිත තීරණය අගය කරමි. (නි)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Saturday, 24 January 2015 10:21 PM

නොමනා හැසිරීම් සහිත චීවරධාරීන් ගැනත් අවධානය යොමුකරන්න (නි)

:       0       0

එස්. මහගම Saturday, 24 January 2015 10:42 PM

අනේ මෙච්චර උගත් බුද්ධිමත් ස්වාමීන් වහන්සේලා ඉන්න රටේ මේ ගැටලු ටික විසඳන්න දීගුකාලීන වැඩපිළිවෙළක් සකස්කරන්න බැරිද? බුදුදහම කියන්නේ මානසික සුවය දෙලොවටම සාදන,පිළිගත හැකි මාවතක් කියාදෙන දහමක්. ඒත් එම නිරිමල දහම තිබෙන ලංකාවට වෙච්ච දෙයක්? උගත් බුද්ධිමත් ගිහි පැවිදි උතුමන් එක්වෙලා බුදුදහමේ සුරක්ෂිතතාවය සඳහා වැඩපිළ‍ිවෙළක් කරන්නට අවබෝධයක් සැම දෙනාටම ලැබේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

නිමල් Saturday, 24 January 2015 11:39 PM

නිකාය ක්‍රමය හොඳින් ප්‍රතිස්ථාපනය කර භික්ෂු භික්ෂුණී දෙපිරිසටම ගරුකරන විදියේ ක්‍රමයක් ඇතිකරන්න (නි)

:       0       0

කින් බෙනට් Sunday, 25 January 2015 12:56 AM

එතකොට මිනීමැරුමක් ව‍ගේ ගිහි පාර්ශවය හා සම්බන්ධ අපරාධයකට එහෙමත් උසාවි යන්න ඕනෑ නැද්ද? (නි)

:       0       0

කල්හාරි Sunday, 25 January 2015 01:15 AM

රට හැම විදියටම බෙදිලා. හාමුදුරුවරු නිකායවලට බෙදිලා. ගිගියෝ ජාති, කුල, ආගම් වලට බෙදිලා. (නි)

:       0       0

සමන්ති Sunday, 25 January 2015 01:23 AM

අර සමහර සේනාංක කරන වැඩවලට යන්න වෙන්නේ කොහාටද මන්දා? (නි)

:       0       0

පාලිත Sunday, 25 January 2015 01:40 AM

හාමුදුරුවරුන් වහන්සේලා උසාවි යන්නේ ඇයි? බුදු හාමුදුරුවන්ගෙ ධර්මය පිළිබඳ අවබෝධයක් ඇත්නම් නිකායන් මොකටද? (නි)

:       0       0

චන්දන Sunday, 25 January 2015 03:34 AM

මොරටුව භික්ෂු ඝාතනය ගැනත් නැවත පරීක්ෂණ කරන්න කියලා ඉල්ලනවා (නි)

:       0       0

දිල්ශාන් Sunday, 25 January 2015 04:56 AM

අරක කරන්නම් මේක කරන්නම් කියන දේශපාලනඥයෝ බොහොමයි. කරපු දෙයක් ගැන කියන කෙනෙක් නම් දකින්න නැහැ.(දිල්)

:       0       0

ජනක Sunday, 25 January 2015 05:57 AM

හරි එතකොට, දඬුවම් පැමිණවීමත් නිකායටම අයත් ද ? සමහර බරපතල කාරණා සම්බන්ධයෙන් මෙහෙම ක්‍රියාපටිපාටියක් අනුගමය කරල හරි යනවද ? අපිට මේක තේරුම් ගන්න බැහැ. (ර)

:       0       0

ජනක Sunday, 25 January 2015 05:58 AM

හරි එතකොට , දඬුවම් පැමිණවීමත් නිකායටම අයත් ද ? සමහර බරපතල කාරණා සම්බන්ධයෙන් මෙහෙම ක්‍රියාපටිපාටියක් අනුගමය කරලා හරි යනවද ? නීතිමය පැත්ත ගැන පුජක පක්ෂයට දැනුමක් තිබේද ? ඔය එක එක සේනාවල් වල නීතිමය කටයුතුත් මෙහෙම කරලා ගොඩින් බේරා ගන්න විදියට ඉඩ සැලසෙන වැඩක් ද මේක ? අපිට මේක තේරුම් ගන්න බැහැ. (දිල්)

:       0       0

සරසි Sunday, 25 January 2015 06:03 AM

එතකොට බරපතල ප්‍රශ්න නඩු විසඳීම ස්වාමින් වහන්සේලාට භාර දෙනවාද ? මේක ප්‍රයෝගිකද ?නැහැනේ. නීතිමය පැත්ත ගැන පුජක පක්ෂය දන්නවද ? අර නොයෙක් සේනාවල් වල කටයුතු හින් සැරේ ලිස්සලා යවන ක්‍රමයක්ද කොහෙද? ! (දිල්)

:       0       0

අසංක Sunday, 25 January 2015 07:06 AM

සරසි, මේවා පවතින්නේ රටේ නීතියට යටත්වි. එක නිසා ඔයා බයවෙන්ට එපා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site