IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සඟමිත් දැරියෝ රටේම නම තියති

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමස්ථ ලංකාවෙන්ම පළමු ස්ථානය ලබාගත් පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග දැරියත් තෙවැනි ස්ථානය ගත් කේ.අයෝධ්‍යා ගයාත්‍රී ද අල්විස් දැරියත් අද උදෑසන ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයේදී මහත් හරසරින් පිළිගැණිනි.



අදහස් (0)

සඟමිත් දැරියෝ රටේම නම තියති

සීල Saturday, 06 April 2013 09:56 PM

මේ ගොල්ලෝ පාස් වුණේ පන්ති ගිහිල්ලා නොවෙයි කියලා අපි දන්නවා. (නි)

:       0       0

මහේෂ් Saturday, 06 April 2013 09:59 PM

දෙදෙනාටම සුභ අනාගතයක්! (නි)

:       0       0

උපාලි Saturday, 06 April 2013 10:21 PM

පුද්ගලික පන්ති පාසලට කොහොමවත් සම කරන්න බැහැ. මුළු පාසල් සමය තුලම පාසලෙන් ලැබෙන සියලු දේ පුද්ගලික පන්තියෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පාසල් වලට ගරහන්න එපා. ඒවායේ අඩුපාඩු හදා ගන්න උදව් කරන එක තමා යුතුකම. මේ දරුවන් දෙදෙනාට සුබ අනාගතයක් මෙන්ම අනෙක් දරුවන්ට ද සුබ අනාගතයක්! (නි)

:       0       0

ගාමිණි Saturday, 06 April 2013 10:55 PM

සංගමිත්ත තෙරණිය දන්නවා නම් අඩාවි, පාසලේ අධ්‍යාපනයට වඩා ටියුෂන් වලට දෙමව්පියන් කරපු වියදම් වලට හා කැපවීම් වලට! (නි)

:       0       0

ප්‍රේමරත්න Saturday, 06 April 2013 11:18 PM

පුද්ගලික පන්ති යන්නේ නැතුව ලංකාවේ කිසිම විභාගයක් සමත් වෙන්න බැරි බව තමයි මම නම් පිළිගන්නේ. (නි)

:       0       0

දිල්ෂාණි Saturday, 06 April 2013 11:39 PM

ගාල්ලේ දරුවන් කවදත් කොහේ ගියත් නමක් තියනවා. (නි)

:       0       0

එරංග Saturday, 06 April 2013 11:59 PM

නංගිලා දෙන්නට අපේ සුබ පැතුම්! සුබ අනාගතයක් පතනවා. (නි)

:       0       0

ටකුර Sunday, 07 April 2013 12:40 AM

වෙඩි කනවද, (ඒ) ගන්නව ද? කියලයි ඉස්සරහට දෙමවුපියන්ට ළමයිගෙන් අහන්න වෙන්නේ මේ තියෙන තරගේ හැටියට... (නි)

:       0       0

අරලියා Sunday, 07 April 2013 12:53 AM

බලන්න ලස්සනයි. (නි)

:       0       0

සම්පත් Sunday, 07 April 2013 12:51 AM

මම හිතන්නේ මේ සැරේ වීරයා විද්‍යාව පේපර් එකට ලකුණු 13ක් දුන්න ට්යුෂන් ගුරුතුමායි. (නි)

:       0       0

කුමාර Sunday, 07 April 2013 12:59 AM

දෙමු අත්පුඩියක් සංඝමිත්තෙට. අපි රිච්මන්ඩි, මහින්ද කොල්ලෝ... (නි)

:       0       0

සනත් Sunday, 07 April 2013 07:04 AM

සුභම සුභ අනාගතයක් ...... (නි)

:       0       0

මොහමඩ් රිෆ්දි-ඩුබායි Sunday, 07 April 2013 08:05 AM

ඉස්සර කිව්වේ වැඩ බැරි වුනත් ගම ගාල්ල කියලයි. දැන් කොහොමද ගාල්ලේ වැඩ? මම ගොඩක් සතුටු වුනු දවසක්.(නදී)

:       0       0

ලාල් ජකර්තා Sunday, 07 April 2013 08:20 AM

දරුවෙනි, උගත්කමට බුද්ධිමත්කමත්, එකතු කරගන්න. ඔයාලගෙ ජයග්‍රහණයට අපගේ සුබ පැතුම්..! බුදුසරණයි.(නදී)

:       0       0

දේවික ගාල්ලගේ Thursday, 11 April 2013 06:28 AM

ගොඩක් ආඩම්බරයි. මමත් ඉගෙන ගත්ත පාසැල. ගුරු මෑනිවරු, පියවරු වැජඹේවා! නැගණියට සුබ අනාගතයක් පතමි! (නි)

:       0       0

යොහාන් Saturday, 06 April 2013 02:47 PM

සුබ අනාගතයක් ! (ස)

:       0       0

දයා Saturday, 06 April 2013 03:06 PM

උදාරයි, උදාරයි, ගුරු මව්වරුණි, ඔබගේ මෙහෙය අති උදාරයි... (ස)

:       0       0

රෝයි Sunday, 07 April 2013 10:01 AM

පුද්ගලික පන්ති නවත්වා දරුවන්ට උගන්වන්න පාසලට ඉඩ දෙන්න. නැත්නම් මේ පෙරහරට පුද්ගලික පන්තිවල ගුරුවරු ඉස්සරහින් තියන්න වෙනවා. (නි)

:       0       0

අසාම් Saturday, 06 April 2013 03:03 PM

ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් (ස)

:       0       0

රෂීඩ් Monday, 08 April 2013 09:15 AM

එතකොට දෙවැනි ස්ථානය කවුද ගත්තේ? (නි)

:       0       0

අනුර Saturday, 06 April 2013 03:30 PM

ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් පතනවා... ! (ස)

:       0       0

රසිත Saturday, 06 April 2013 03:54 PM

ගාල්ලට නමක් ගෙනා නංගිලා දෙන්නට අපේ සුබ පැතුම්...! (රිසිත, විනුෂි) (ස)

:       0       0

ක්‍රිෂාන් Saturday, 06 April 2013 03:59 PM

අපේ සුභ පැතුම් නැගෙනියණි...! (ස)

:       0       0

සමන් තුෂාන්ත Sunday, 07 April 2013 10:55 AM

අනේ වාසනාවන්. මෙන්න ලක්මෑණිගේ දරුවෝ.(නදී)

:       0       0

අර්.සිල්වා Saturday, 06 April 2013 04:05 PM

ඔය සෑම ලමයෙක්ම පුත්ගලික පන්ති ගිහිල්ලා විභාග සමත් වේන්නේ, නමුත් පින්තුරවලට ගරු ගාම්බිරව ඉස්කෝලේ ගුරුවරු ඉදිරිපත්වේනවා මේ ගුරුවරු වැඩිය පුත්ගලික පන්තිවල ගුරුවරුන්ට ස්තුති කරන්න ඕන. විභාග සමත්වුනාම කවුරුවත් කියන්නේ නැහැ අපි පුත්ගලික පන්ති ගියාය කියලා.(ස)

:       0       0

චසම්පිකා Saturday, 06 April 2013 04:16 PM

උදාරයි‍...(ස)

:       0       0

චම්පිකා Saturday, 06 April 2013 04:09 PM

උදාරයි... (ස)

:       0       0

රමේශ් Saturday, 06 April 2013 04:19 PM

ගමත් ගාල්ලේ, වැඩත් ගාල්ලේ (ස)

:       0       0

පැතුම් Saturday, 06 April 2013 04:27 PM

සා.පෙ. ඉහල ස්ථාන ලබා ගත්තහම ඒ ඉගෙනගන්න පාසැලේ නම කියනවා මිසක්, ඒ දරුවෝ නිකන්වත් 5 වසරේ ශිෂ්‍යත්වේ පාස්වෙලා මේ තැනට එන්න මග පෑදුනු ප්‍රාථමිකයේ නම මතක් කරන්නේවත් නැහැ. ප්‍රාථමික පාසලේ නමත් මතක් කරනවානම් වඩා වටිනවා දුවේ, පුතේ. (ස)

:       0       0

දමිත් Saturday, 06 April 2013 04:33 PM

දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ -නැන බලයෙන් පිරියේ . (නදී)

:       0       0

සෑම් Saturday, 06 April 2013 04:43 PM

ආර්.සිල්වා, මමත් 5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහලින් සමත් වෙලා විශ්ව විද්‍යාලයට ඇතුලත් උන කෙනෙක්.පුද්ගලික පන්තිත් ගිහින් තියෙනවා. ඒත්, විභාග සමත්වෙන්න වගේම පෞරුෂ වර්ධනයට පාසලෙන් ලැබෙන උදව්ව කොහෙත්ම පුද්ගලික පන්තියකින් ලබන්න බැහැ. (ස)

:       0       0

ඩොනල් Saturday, 06 April 2013 05:00 PM

දස්කම් පෙන්වූ සඟමිත් දියණියනි, ජයෙන් ජයම වේවා.. ඔබේ ඉදිරි දිනේ! (ස)

:       0       0

කුමාර Sunday, 07 April 2013 11:43 AM

කොහොමද ගාල්ලේ වැඩ.(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 06 April 2013 05:21 PM

ඔබ දෙදෙනාටම සුබ අනාගතයක්! (නි)

:       0       0

සින්සියර් Saturday, 06 April 2013 05:54 PM

ආර් සිල්වා මහත්තයාගේ කතාව හරි. මේ ජයග්‍රහණය මේ දරුවෝ පුද්ගලික පන්ති නොගිහින් මෙහෙම ගත්තා නම් ඉස්කෝලේ නම ගියාට කමක් නැහැ. කොහොම වෙතත් මේ දරුවෝ දෙන්නට අපේ උපහාරය! (නි)

:       0       0

දීපාල් Sunday, 07 April 2013 12:31 PM

අවශ්‍ය වන්නේ දැනුම හා අවබෝධයි. ඒ 9 ගත්ත ලමියි උපෙළ අසමත් වෙනවා ඕනේ තරම්. ඒ හින්ද උ.පෙළ අවබෝධයෙන් කරන්න කියල හැමෝටම කියන්නේ .ජය වේවා !(නදී)

:       0       0

ඇසල Saturday, 06 April 2013 06:58 PM

මහත්තය පුද්ගලික පන්නති පවත්වන බව දන්නවා. මේක දැන්වීමක් කරගත්ත කොහොම හරි.(නදී)

:       0       0

යසස් Monday, 08 April 2013 11:50 AM

මේ සොයුරියන්ට සුභ අනාගතයකට ආසිරි පතන්නේ මහින්ද විද්‍යාලයෙන්..(ස)

:       0       0

පාතිමා Saturday, 06 April 2013 09:19 PM

ඔය කියන පාසැලේ අසමත් වුන ළමයිනුත් ඇතිනේ.(නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 08 April 2013 05:31 PM

සුභ පැතුම්! (නි)

:       0       0

චමිලා Saturday, 06 April 2013 09:29 PM

පුද්ගලික පන්ති ගිහින් හරි, පාසලෙන් හරි හොදට ඉගෙනගෙන ඉහළම ලකුණු ලබාගත් දරුවෝ හැම දෙනාටම අපි හදවතින්ම සුබ පතමු. ඔබ සියලු දෙනාට සුබම සුබ අනාගතයක් දුවේ, පුතේ...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site