කෑගල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය නෙව්ස්මියර් හි උඳුගොඩ සූරියමල්ගම සිරි ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානය දැඩි සේ අබලන්ව ඇති බව බෞද්ධ මධ්‍යස්ථානාධිපති වෑබඩ ධම්මාලංකාර හිමියෝ පවසති.
දැනට නේවාසික භික්ෂූන් 7 නමක් පමණ වැඩ වසන වසර 100කට වඩා පැරැණි සංඝාවාස ගොඩනැගිල්ලේ ඇති ටකරන් දිරාපත්ව ඇති බවත් වැසි දිනවල ඒ තුළට ජලය ගලාඑන බවත් එම ගෘහයේ ගෙබිම, දොර ජනෙල් ආදියද දිරාපත්ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
දිළිඳු ජනතාවක් වෙසෙන විහාරස්ථානය පිහිටි ගම්මානයේ වැසියන්ටද ඒ සඳහා උදව් උපකාර කිරීමට අපහසු බවත් දැනට ඇස්තමේන්තු ගත කර ඇති ආකාරයට රුපියල් විසිපන් ලක්ෂයකට අධික මුදලක් මේ සඳහා වැයවන බවත් ධම්මාලංකාර හිමියෝ කියති.
මේ පිළිබඳ වැඩි විස්තර 0718370163 / 077 6611376 යන විහාරස්ථානයේ දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන තැන් වලටම කරන්නැතුව මේ වගේ නැති බැරි තැන් වලට උදව් කරන්න. (ර)
එකිනෙකා තරඟයට උසින් වැඩි බුදුපිළිම නෙලන රටක සමහර හාමුදුරුවරුන්ට ඉන්නට තැනක්වත්, හරියට දානේ ටිකක්වත් නැහැ. කළයුතු දේවල් අපමණ තියෙද්දී මිනිස්සු ලොකු ලොකු සංදර්ශන දැමීමට කැමැත්තක් දක්වන බවයි පෙනෙන්නේ. (නි)
පුලුවන්නම් මේවා හරියට හරි ගස්සලා දෙන්න, එක එක විකාර දේවල් කර කර ඉන්න නැතුව. පිරිවෙන් විතරක් නෙමෙයි, අද සමහර දුෂ්කර පැතිවල පන්සල් වල ඉන්න සංඝයා වහන්සේලාට දානේ වත් නැතුව ඉන්නේ. එන්න ඒවා හොයලා බලලා උදව් කරන්න. (ර)