කෑගල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය නෙව්ස්මියර් හි උඳුගොඩ සූරියමල්ගම සිරි ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානය දැඩි සේ අබලන්ව ඇති බව බෞද්ධ මධ්‍යස්ථානාධිපති වෑබඩ ධම්මාලංකාර හිමියෝ පවසති.
දැනට නේවාසික භික්ෂූන් 7 නමක් පමණ වැඩ වසන වසර 100කට වඩා පැරැණි සංඝාවාස ගොඩනැගිල්ලේ ඇති ටකරන් දිරාපත්ව ඇති බවත් වැසි දිනවල ඒ තුළට ජලය ගලාඑන බවත් එම ගෘහයේ ගෙබිම, දොර ජනෙල් ආදියද දිරාපත්ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
දිළිඳු ජනතාවක් වෙසෙන විහාරස්ථානය පිහිටි ගම්මානයේ වැසියන්ටද ඒ සඳහා උදව් උපකාර කිරීමට අපහසු බවත් දැනට ඇස්තමේන්තු ගත කර ඇති ආකාරයට රුපියල් විසිපන් ලක්ෂයකට අධික මුදලක් මේ සඳහා වැයවන බවත් ධම්මාලංකාර හිමියෝ කියති.
මේ පිළිබඳ වැඩි විස්තර 0718370163 / 077 6611376 යන විහාරස්ථානයේ දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංඝාවාසය අබලන්
ධම්මකුසල හිමි Thursday, 14 January 2016 01:02 PM
තියෙන තැන් වලටම කරන්නැතුව මේ වගේ නැති බැරි තැන් වලට උදව් කරන්න. (ර)
ප්‍රසාද් Thursday, 14 January 2016 11:21 PM
එකිනෙකා තරඟයට උසින් වැඩි බුදුපිළිම නෙලන රටක සමහර හාමුදුරුවරුන්ට ඉන්නට තැනක්වත්, හරියට දානේ ටිකක්වත් නැහැ. කළයුතු දේවල් අපමණ තියෙද්දී මිනිස්සු ලොකු ලොකු සංදර්ශන දැමීමට කැමැත්තක් දක්වන බවයි පෙනෙන්නේ. (නි)
තෙශාන් Thursday, 14 January 2016 11:10 AM
පුලුවන්නම් මේවා හරියට හරි ගස්සලා දෙන්න, එක එක විකාර දේවල් කර කර ඉන්න නැතුව. පිරිවෙන් විතරක් නෙමෙයි, අද සමහර දුෂ්කර පැතිවල පන්සල් වල ඉන්න සංඝයා වහන්සේලාට දානේ වත් නැතුව ඉන්නේ. එන්න ඒවා හොයලා බලලා උදව් කරන්න. (ර)