IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සංඝමිත්තා බෝධියේ ගැසට්ටුවට එරෙහි වෙති

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වඩු කෝට්ටේ , මුරුන්කන් කෝවිල අසල පිහිටා ඇති සංඝමිත්තා බෝගස වසර 2000 කාලයක් ඉපැරණි බෝ ගසක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ දී පාගමනක් සහ මනිප්පායි වංකාණි බස් නැවතුම් පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වූහ.

වඩු කෝට්ටේ ,සුලිපුරම් හන්දිය අසල සිට මුරුන්කන් කෝවිල දක්වා පෙරේදා සවස පැවැති මෙම විරෝධතා පා ගමනට යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් ඇතුළු හැත්තෑ දෙනකු පමණ සහභාගී වී සිටි බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම විරෝධතා පා ගමන පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් සිරිදරන් මහතාගේ සහභාගීත්වයෙනි

මෙම පුරාවිද්‍යා ගැසට්ටුව හකුළා ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විරෝධතා පා ගමනේ නිරත වූ බව පොලිසිය කියයි.

මේ අතර මෙම බෝ ගස වසර දෙදහක් පැරැණි එකක් ලෙස නම් කර නිකුත් කර ඇති ගැසට්ටුව හකුලා ගන්නා ලෙසත් එය සිංහල ජාතියේ අයිතියක් ලෙස පවරා නොදෙන ලෙසත් ඉල්ලා මින්මනිපායි,සුලිපුරම් බස්නැවතුම් පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වූ බව මනිපායි පොලිසිය පවසයි.

 



අදහස් (7)

සංඝමිත්තා බෝධියේ ගැසට්ටුවට එරෙහි වෙති

Bamunuarachchi Sunday, 06 August 2023 11:13 PM

ගැසට් කරලා ඉවර නම් දෙමල්ලු පාගමනින් නොවෙයි හෙළුවෙන් ගියත් සිංහල අපිට කමක් නැත.

:       0       7

කිරිපුකා Monday, 07 August 2023 12:29 AM

ඔවුන්ට ඕන සියලු සත්‍ය වසන් කර ඊනියා ඊලාම් සිහිනය සැබෑ කරගන්න. මොන ප්‍රශ්න තිබුණත් ඒක නම් සුම්මා තමයි.

:       0       4

පැරකුම් Monday, 07 August 2023 04:47 AM

උතුරේ දේශපාලුවන්ගේ පැවැත්ම සඳහා කරන මෙවැනි දේ ජනමතය නොවන බව පැහැදිලියි.

:       0       1

Geeth Monday, 07 August 2023 09:02 AM

ඇත්තටම උතුරේ ජාතිවාදය දකුණේ ජාතිවාදයට වඩා ගොඩක් දරුණු බවට ඉතා හොඳ උදාහරණයක්. අවාසනාවකට ජාතිවාදියට විරුද්ධව කෑ මොර දෙන මාවමාදීන් රැඩිකල්වාදීන් මේ ජාතිවාදය ගැන මුණිවත රකිනව.

:       0       8

Bamunuarachchi Monday, 07 August 2023 11:07 PM

මොකක්ද හලෝ දකුණේ ජාතිවාදය කියන්නේ? ටිකක් පැහැදිලි කරන්න.

:       0       0

dhamneth Monday, 07 August 2023 10:51 AM

උතුරු, නැගෙනහිර, දමිළ ජාතීන් මේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ගේ ලණු නොකෑ යුතුයි..මේ මන්ත්‍රීවරු ජනතාවට කිසිඳු සේවයක් නොකර ජනතාවගේ ඡන්ද ලබාගැනීමට මෙහෙම දේවල් කරනවා.

:       0       9

දිමුත් Monday, 07 August 2023 02:34 PM

මේ ගොල්ලන්ට ඕනේ තමන්ගේ බොරු නිජබිම් සංකල්පය තහවුරු කරන්න. නිවට පාලකයින් ඉන්නකන් හොඳයි ඉතින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site