සීගිරිය ලෝක උරුම භූමියේ රිලා පවුලක සුදු රිලා පැටවෙක් සිටියි තවමත් කිරි බොන මේ පැටවා ඇලි සතකු බව පරිසරවේදීන් පවසයි. යම් සතකුගේ සාමාන්‍ය වර්ණයට හේතුවන ජානය නිලීන වීම හෙවත් ප‍්‍රමුඛ නොවීම හේතුවෙන් මෙවැනි සුදු පැහැති සතුන් බිහිවේ. දුඹුරු පැහැති සිය මව සම`ග සිටින මෙම ඇලි රිලා පැටවාගේ ලොම් ලා කහ පැහැය මිශ‍්‍රිත බවක් දක්නට ලැබේ. තද දුඹුරු පැහැති ඇස් වෙනුවට මේ රිලා පැටවාගේ ඇස් සුදුය. සාමාන්‍ය රිලවකුගේ කන් තද කළු පාට වුව ද ඇලි රිලා පැටවාගේ දෙකන් රෝස පැහැතිය. එමෙන්ම රිලවකුගේ මුහුණ රතු පැහැයට හුරු වුවද මේ පැටවාගේ මුහුණ ද ඇගිලි සහ නියපොතු ද රෝස පාටය. මවගේ තද දුඹුරු පැහැති ඇස් යුගලය ද මේ රිලා පැටවාට පිහිටා නැත. පැටවාගේ සුදු පැහැති ඇස් මධ්‍යයේ කළු ඉ`ගිරියාව පැහැදිලිව දක්නට ලැබේ. මිනිසාගේ පූර්වජයන්ගෙන් පැවත එන පැරණි ලොව වානර විශේෂයක් වන වියළි කලාපයේ දක්නට ලැබෙන මෙම රිලවුන් ශී‍්‍ර ලංකාවට ආවේණික උප විශේෂයකි. මාකාකා සිනිකා සිනිකා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මෙම රිලා විශේෂය ව`දවී යාමේ දැඩි අවදානමකට මුහුණ දී ඇති බව ලෝක සංරක්ෂණ සංගමය කියයි.

2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සීගිරියේ සුදු රිලවෙක්
සම්පත්- කුමුදු - තනූජා - ජගත් Thursday, 03 November 2011 11:20 AM
දුර්ලභ සිදුවිමක් දකින්න ලැබිම සතුටක්
r.k.a.l.padmasiri Wednesday, 02 November 2011 08:28 PM
දැක ගැනීමෙ රැචියක් පහල විය
චරිත Wednesday, 02 November 2011 08:17 PM
හරි ලස්සනයනේ
boni Thursday, 03 November 2011 09:13 AM
හරිම ලස්සනයි මේ සතුන් රැකගැනීම මිනිසා සතු වගකීමයි