ශ්‍රී ලංකා ගුවන් හමුදාව, මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 5 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලිය හෙට (12 වැනිදා) උදෑසන 9.00 සිට පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබේ.
දිවයිනේ පවතින අනිකුත් ධාවන පථ වලට සාපේක්ෂව වෙනස්ම ස්වරූපයක් ගන්නා සීගිරිය ධාවන පථය කොටස් දෙකකින් සමන්විතය. එහි එක් කොටසක් බොරළු සහිත මාර්ගයක් වන අතර අනික් කොටස තාර යොදා නිමකර තිබේ. මේ හේතුවෙන් ධාවකයන්ට තාර යොදා නිමකර ඇති කොටසේදී තම උපරිම වේගයෙන් ගමන් කිරීමටත්, බොරළු සහිත කොටසේදී සමබරතාවය රැකගනිමින් ගමන් කිරීමටත් සිදුවේ.
තරග ඉසව් 24 කින් සමන්විත වන මෙවර තරගාවලියට ධාවකයන් සහ රියදුරන් 200 පමණ සහභාගී වීමට නියමිතය.
පසුගිය වසරේ හොඳම රියදුරා බවට පත්වූ දිනේෂ් දෙහෙරගොඩට මෙවර තම ශූරතාවය රැකගැනීම සඳහා අරවින්ද පේ‍්‍රමදාස, අශාන් සිල්වා, පසිඳු පීරිස්, ජනක ඩයස් සහ රියාස් ෆාරුක් වැනි ප‍්‍රබල තරගකරුවන්ගෙන් එල්ල වන අභියෝගය අති විශාලය. කලක් ධාවන පථයෙන් ඉවත්ව සිටි පළපුරුදු ධාවකයකු වන දිනේෂ් ජයවර්ධනගේ නැවත පැමිණිමද ඉහත ධාවකයන්ට තරමක හිසරදයක් වනු ඇත.
පසුගිය වසරේ යතුරු පැදි අංශයේ හොඳම ධාවකයා වූ යුවාම් රජිත් සිල්වාට මෙවර අභියෝග කිරීමට පසුගිය වසරේ ජාතික ශූරයා වූ ගයාන් සඳරුවන්, ෂෙහාන් සී. අධිකාරි, ඉෂාන් දසනායක වැනි ප‍්‍රභල කී‍්‍රඩකයෝ සූදානම්ව සිටිති.
මහජන බැංකුව තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දරන අතර ලංකා බැංකුව සහ සියැට් ආයතනයද ඉදිරිපෙළ අනුග‍්‍රාහකයෝ ලෙස ඉදිරිපත්වී සිටිති. සිංගර්, එයාර්ටෙල්, හීරෝ අබාන්ස්, බ‍්‍රැන්ඞ්ටෙල් යන ආයතන තරගාවලියේ සම අනුග‍්‍රහකයන් වන අතර කාර්ගීල්ස් සහ කික් කෝලා මෙහි සැපයුම් කරුවන් ලෙස කටයුතු කරති.
(*)
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීගිරිය රැළි ධාවන පථයේදී දිනේෂ්ට තියුණු අභියෝගයක්