IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිංගප්පූරු යෝධයා මියයයි

සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනෙන ලී ක්වාන් යූ අද අලුයම මියගියේය. මියයන විට 91 වැනි වියේ පසුවූ ලී ක්වාන් යූ එරට ප්‍රථම රාජ්‍ය නායකයා වූයේය.

මලයාසියානු අර්ධද්විපයේ දකුණු ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය වූ වර්ග සැතපුම් 226ක විශාලත්වයකින් යුතු සිංගප්පූරුව මැලේසියාවෙන් වෙනව ස්වාධීන රාජ්‍යයක් බවට පත්කරන ලද්දේ 1959 වර්ෂයේ දී ය. රාජ්‍ය නායකත්වයට පත්වූ ලී ක්වාන් යූ කියා සිටියේ ඔහු තම රාජ්‍යය ශ්‍රී ලංකාවක් බවට පත්කරන බවයි.

1923 සැප්තැම්බර් මස 16 දා උපන් ලී බ්‍රිතාන්‍යෙය් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය ලැබීය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ කාලයේ ඔහු නීතිඥයෙකුසේම උපාධිධාරියකුද වූ අතර, පරිණත දේශපාලනඥයකුද විය. ළමා වියේ සිටම සමාජ සේවා දේශපාලන කටයුතුවලට කැමැත්තක්‌ දැක්‌වූ ලී කොමියුනිස්‌ට්‌ දේශපාලන පක්‍ෂයක්‌ වන සමාජවාදී මහජන විමුක්‌ති පක්‍ෂය නමින් පක්‍ෂයක්‌ 1954 දී පිහිටුවා එහි ලේකම් පදවිය දැරීය. අනතුරුව 1955 දී සිංගප්පූරුවේ ව්‍යවස්‌ථාදයක සභාවේ නියෝජිතයෙකු ලෙසද පත්වූයේය.

ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා වරක් කියා සිටියේ ලි ක්වාන් යූ යනු සිංගප්පූරුවේ යෝධයා බවයි.



අදහස් (0)

සිංගප්පූරු යෝධයා මියයයි

ඉසුරන්දි Monday, 23 March 2015 06:42 AM

නිවන් සුව (ත)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 06:44 AM

මෙදාපාරත් කලින් වගේ මෙතුවම නොමරා මැරුවේ නැහැ නේද මාධ්‍ය තුලින්. ඔබ තුමාට නිවන් සුව! (ත)

:       0       0

අශාන් Monday, 23 March 2015 06:45 AM

අපේ රට වගේ කරන්න ගිය රට අද කොච්චර දියුණුද? අපේ දේශපාලනඥයන් ලැජ්ජා විය යුතුයි. (ත)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 07:01 AM

සිංහපුර, තණ නොකන දෙස් පාලන පරපුරක අබිමානය (ත)

:       0       0

ලාල් Monday, 23 March 2015 07:12 AM

මෙන්න ආදර්ෂමත් නායකයෝ. ඔබට නිවන් සුව (ත)

:       0       0

ඔසන් සලාම් - කටාර් Monday, 23 March 2015 07:54 AM

සිංගප්පූරුව නම් ඔබයි ! ඔබ නම් සිංගප්පූරුවයි !! එනම් ඔබගේ නාමය චීනයේ මාඕ සේතුං මෙන් සදා රඳා පවතී !!! (ම)

:       0       0

කවිඳු Monday, 23 March 2015 08:08 AM

මෙතුමා ලංකාවේ ඉපදුනානම් ඒකාධිපතියෙක් කියල හංවඩු ගහල දූෂණ චෝදනා නගලා විනාශ කරල දානවා.. එතුමාට නිවන් සුව..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site